පළාත් පාලනය තුළ 25%ක කාන්තා කෝටාවේ වැදගත්කම

දිනය: 2018 ජනවාරි 25 දින බ‍්‍රහස්පතින්දා
ස්ථානය: රේණුකා හෝටලය, අංක 328, ගාලූපාර, කොළඹ 3.
වෙලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 12.00

2018 පෙබරවාරි මස 10 වන දින නව මැතිවරණය ක‍්‍රමයට අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන්ට නියමිත 25% කෝටාව ඓතිහාසික ජයග‍්‍රහණයකි.

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් ද මෙම කෝටාව සඳහා දීර්ඝකාලීනව කරන ලද අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙහි වැදගත්කම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යපාරයක් මේ වන විටත් දියත්කොට ඇත. කෝටාව පිළිබඳ දැනුවත් වීම, එය ජයග‍්‍රහණය කිරීම සහ පළාත්පාලන ආයතන තුළ නව දෘෂ්ටියකින් ගමට නගරයට සරිලන ප‍්‍රතිපත්ති සැකසීමට කාන්තාවන්ගේ ද දායකත්වය වැඩ කරගැනීම සඳහා අප මෙම ප‍්‍රයත්නයේ යෙදෙමින් සිටිමු.

There will also be a live stream of the media briefing tomorrow on WMC’s Facebook page.