Media Strategies on Raising Awareness and Implementation of the Prevention of Domestic Violence Act

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ක‍්‍රියාත්මක කිරීම සහ ඒ ගැන දැනුවත්භාවය නංවාලීම පිළිබඳ මාධ්‍ය උපාය මාර්ග හඳුනාගැනීමට උපදේශාත්මක රැුස්වීමක් 2006 ජුනි 21 වන දින පවත්වන ලදී. මාධ්‍ය ආයතනවල ස්ත‍්‍රීන්, ස්ත‍්‍රී අයිතීන් සහ මානව අයිතීන් පිළිබඳ සංවිධාන ඊට සහභාගි වූහ. මෙම රැුස්වීම පවත්වන ලද්දේ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ක‍්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් ඇති ජාතික කාන්තා කමිටුවෙන්  ලැබුණු ඉල්ලීමකට ප‍්‍රතිචාරයක් වශයෙනි. එම සැලැස්මට ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීම හා නව පනත ගැන දැනුවත් කිරීම ද අයත්ය.