Meetings with members of political parties

එළඹෙන පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන ඡුන්ද විමසීමේ දී ස්ත‍්‍රීන් සඳහා ලබාදෙන නාමයෝජනා සහ ඡුන්ද ප‍්‍රමාණය වැඩි කිරීමේ ව්‍යාපෘතියේ ක‍්‍රියාකාරකමක් වශයෙන් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය දේශපාලන පක්ෂ සාමාජිකයින් සමඟ රැුස්වීම් ගණනාවක් පැවැත් වූහ. ඉදිරියේ එළඹෙන පාළාත් පාලන ආයතන ඡුන්ද විමසීමේ දී ස්ත‍්‍රීන්ට ලබාදෙන නාමයෝජනා ප‍්‍රමාණය වැඩිකරන මෙන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීම් කෙරිණ. ඔවුන් මුණගැසීමේ අනෙක් අරමුණ වූයේ පළාත් පාලන ආයතන පනතට යෝජිත ව්‍යවස්ථා සංශෝධන ගැන සාකච්ඡුා කිරීමය.

 

එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම්, ඛනිජ තෙල් කර්මාන්ත ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත්, බන්ධනාගාර සහ පුනරුත්ථාපන අමාත්‍ය ඩිව් ගුණසේකර, විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී තලතා අතුකෝරළ, (එක්සත් ජාතික පක්ෂයේ කාන්තා අංශයේ ප‍්‍රධානී* එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාන්තා අංශයේ ප‍්‍රධානි සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී අශෝකා ලංකාතිලක, ජනසභා ග‍්‍රාමීය ආර්ථික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්ම දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විජිත හේරත් සහ කරු ජයසූරිය යන මහත්ම මහත්මියන් හමු විය.