Nominations and Votes for Women

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ස්ත‍්‍රී නියෝජනය 6%ට අඩුය. පළාත් සභාවල එම ප‍්‍රතිශතය 5% කි. පළාත් පාලන ආයතනවල නියෝජනය 2% කි. මෙම සංඛ්‍යාති දකුණු ආසියාවේ පහත්ම ඒවා වන අතර පළාත් පාලන ආයතනවල ස්ත‍්‍රීන් සඳහා නියමිත කෝටා ප‍්‍රමාණයක් නැති දකුණු ආසියාවේදී එකම රට වන්නේ ශ‍්‍රී ලංකාවයි. මෙවැනි පහත් මට්ටමේ නියෝජනයක් පැවතීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ ස්ත‍්‍රී අපේක්ෂිකාවන්ට ප‍්‍රමාණවත් නාමයෝජනා ලබාදීමට දේශපාලන පක්ෂවල ඇති අකමැත්තයි.

 

ඊළඟ පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන ඡුන්ද විමසීම ආසන්න වෙමින් පවතින නිසා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය හවුල්කාර සංවිධාන සමඟ එක්ව කාන්තාවන් බලගැන්වීමේ අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව මෙම ඡුන්ද විමසීමේ දී ස්ත‍්‍රීන්ට ලැබෙන නාමයෝජනා සංඛ්‍යාව වැඩි කරගැනීමට අපේක්ෂා කරයි. අරමුණ වන්නේ තෝරාගත් දිස්ත‍්‍රික්ක පහක පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කරන ලැයිස්තු 50කට 20%ක ස්ත‍්‍රී අපේක්ෂිකාවන් සඳහා වෙන් කර දීමය.

 

ඊට සහභාගි වන සංවිධාන වන්නේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, වාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය, ස්ත‍්‍රී සම්පත් මධ්‍යස්ථානය (කුරුණෑගල* කාන්තා සංවර්ධන කේන්‍ද්‍රය (බදුල්ල*, සර්වෝදය කාන්තා ව්‍යාපාරය, ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සංවිධානය (මොණරාගල* සහ විලූදු ආයතනයයි.

 

මෙම ව්‍යාපෘතිය පවත් වන්නේ කොළඹ, බදුල්ල, මොණරාගල, කුරුණෑගල, ගාල්ල සහ ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්ක වලයි.