Political Representation of Women: Ensuring 25% Increase

දැනට කාකච්ඡුාවට බඳුන් වෙමින් පවතින 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ස්ත‍්‍රී කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන යෝජනාවලිය.

ස්ත‍්‍රීන්ට ද ඇතුළුව ශ‍්‍රී ලංකාවට 1931 දී සර්ව ජන ඡුන්ද බලය හිමිවීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. එහෙත් පවතින යථාර්ථය නම්, පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන් විමට ස්ත‍්‍රීන්ට ප‍්‍රමාණවත් ඉඩකඩක් නොලැබීමයි. මෙම අඩු නියෝජනය හේතුවෙන්, රජයේ කුමන මට්ටමක දී වත් ස්ත‍්‍රීන්ගේ ප‍්‍රශ්න හා අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමට අවස්ථාවන් ද ලැබී නැත. තීන්දු තීරණ ගන්නා ව්‍යුහ තුළ ශක්තිමත් ස්ත‍්‍රී නියෝජනයක් නොමැතිවීම හේතුවෙන්, ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, ප‍්‍රතිසංධානය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි ඉතා වැදගත් අංශයන්හි ප‍්‍රධාන ප‍්‍රතිපත්ති තීරණ ගැනීමේදී ස්ත‍්‍රී දෘෂ්ටිකෝණයකින් බැලීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩ පිළිවෙල තුළ පළාත් සභා සහ පළාත් පාලන මට්ටමේ දී දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය 25% කින් ඉහළ දැමීම සඳහා නීති හඳුන්වාදෙනු ඇති බවට පොරොන්දු ඇත. ශ‍්‍රී ලංකාවේ අපි, මහජනතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසක් සඳහා උනන්දුවක් දක්වන ස්ත‍්‍රීන් හැටියට, සියළු දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිනුයේ පාර්ලිමේන්තුවේ ස්ත‍්‍රී නියෝජනය වැඩි කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසටය. පාර්ලිමේන්තුව තුළ ස්ත‍්‍රී නියෝජනය සම්බන්ධයෙන් ලෝකයේ රටවල් 153ක් අතරින් ශ‍්‍රී ලංකාවට හිමි වනුයේ 140 වන ස්ථානයයි. සර්ව ජන ඡුන්ද අයිතිය හිමිවූ මුල් රටවල් අතරට ශ‍්‍රී ලංකාව ආඩම්බරයෙන් එක් වූව ද ලෝකයේ සහ දකුණු ආසියාවෙන්ම පාර්ලිමේන්තුව තුළ අඩුම ස්ත‍්‍රී නියෝජනයක් හිමි වන්නේද ශ‍්‍රී ලංකාවට ය.

1. කේවල ක‍්‍රමය – ආසන 165 ස්ත‍්‍රීන් සඳහා ආසන වෙන්කිරීම. ස්ත‍්‍රීන් බහුතරයක් සිටින කොට්ඨාශ ස්ත‍්‍රීන්ට වෙන් කිරීම හෝ දිස්ත‍්‍රික්කයක එක් ඡුන්ද කොට්ඨාශයක් ස්ත‍්‍රීන්ට වෙන්කිරීම. මෙම කොට්ඨාශය මාරුවෙන් මාරුවට තෝරාගත හැක. කාන්තාවන් සඳහා වු මේ හා සමාන ප‍්‍රතිපාදන ඉන්දියාව විසින් යොදා ගෙන ඇත. එහිදී ස්ත‍්‍රීන්ට නිශ්චිත වශයෙන් ආසන 22ක් හිමිවේ. පක්ෂවලින් නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී අනිවාර්යයෙන් 25%ක් ස්ත‍්‍රීන් සඳහා වෙන් කිරීම මගින් කේවල ක‍්‍රමය යටතේ තරඟ වැදීමට ස්ත‍්‍රීන්ට ඇති අවස්ථාව තහවුරු වේ.

2. දිස්ත‍්‍රික්ක සමානුපාතික ලැයිස්තු මෙම ලැයිස්තුව කුඩා සහ ආසන 31ට සීමා වී ඇති බැවින් එක් දිස්ත‍්‍රික්කයට බොහෝ විට පත්කළ හැකිවනුයේ එක්කෙනෙකු හෝ දෙදෙනෙකි. එබැවින් දිස්ත‍්‍රික්ක සමානුපාතික ලැයිස්තුවේ පළමු අපේක්ෂකයා කාන්තාවක වීම අනිවාර්ය කළ යුතුය.

3. ජාතික ලැයිස්තුව ජාතික ලැයිස්තුවේ සාමාජික සීමාව 59ක් වේ. එහෙත් තේරීම් :දඩැරය්බට* අනුව ආසන වෙන් වූ පසු එය 37 දක්වා පහළ බසිනු ඇත. එබැවින්, අපගේ ඉල්ලීම ජාතික ලැයිස්තුවේ සෑම 2 වන ස්ථානය සඳහා ම ස්ත‍්‍රියක් නම් කිරීමටය. මෙමගින් ස්ත‍්‍රීන් 18 දෙනෙකුට ආසන ලැබීමට හැකි වනු ඇත.

4. බහුජන ආසන බහුජන ආසන වශයෙන් සමහර කොට්ඨාශ වෙන් කිරීමට ඇති හැකියාව සලකා බලමින්, මෙම ආසන සඳහා තරඟ වැදීම සඳහා අඩුම වශයෙන් එක් ස්ත‍්‍රියකට නාම යෝජනා ලබා දිය යුතුය.