Prime Minister Wickramasinghe Pledges to Increase Women Participation in Politics

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා කාන්තා පාර්ලිමේන්තු නියෝජිතවරියන් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, UNFPA , එක්සත් ජාතින්ගේ කාන්තාවන්, එක්සත් ජාතීන් ගේ නේවාසික සම්බන්ධීකාරකවරුන්ගේ කාර්්යානලය සමඟ සහයෝගිතාවයෙන් පවත්වන ලද උත්සවයේදී ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්රයමසිංහ, මැතිවරණ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කිරීම හරහා ප්‍රාදේශීය , පළාත් සභා සහ ජාතික මට්ටමින් කාන්තා දේශපාලනය සහභාගිත්වය 25% කින් ඉහළ නැංවීමට ප්‍රතිඥා දී ඇත. මේ වන විට එය සාකච්ඡා මට්ටමේ පවතින බවද ඒ මහතා ප්‍රකාශ කොට ඇත.

එමෙන් ම ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගේ ආර්ථිකය ඉහළ නැංවිම , පශ්චාත් යුධ සමාදාන ක්‍රියාවලිය තුළ කාන්තාවගේ සහභාගිත්වය ප්‍රර්ධනය, ස්ත්රී පුර්ෂ සමාජභාවය හේතුකොට ගෙන සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව දැනට පවතින නීති පද්ධතීන් ශක්තිමත් කිරිම සඳහා ප්‍රතිසංස්කරණයන් හඳුන්වාදීම සඳහා ද ඔහු පොරොන්දු වී ඇත .

මේ වන විටත් කාන්තා දේශපාලන සහභාගිත්වය 25% කින් ඉහළ නැංවිම සඳහා වත්මන් ඡන්ද ක්‍රියාවලිය තුළ කුමන ආකාරයේ ප්‍රතිසංස්කරණයක් අවශ්ය් ද යන්න පිළිබඳ කාන්තා පාර්ලිමේන්තු නියෝජිතවරියන් ගෙන් නිර්දේශ සහ යෝජනා ලබා ලෙන ඇත. මැතිවරණ කොමසාරිස්වරයා සහ වත්මන් පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ මේවන විට ආරම්භ කොට ඇති සාකච්ඡාවන්හීදී මෙම නිර්දේශ සහ යෝජනා පිළිබඳව අවධානය යොමු කොට ඇත. එමෙන්ම දේශපාලන බලමණ්ඩලවල සමාජිකයන් මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. සියලුම දේශපාලන බලමණ්ඩල විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්, දේශපාලන පක්ෂනායකයින්ටද ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර මාර්තු මස අගදී හෝ අප්‍රේල් මස මුල පැවත්වීමට නියමිත සාකච්ඡාවන්හිදී ප්‍රතිසංස්කරණයන් පිළිබඳ ස්ථිර තීරණයන්ට එළඹිමට අපේක්ෂා කෙරේ.‘මම හිතනවා මේක හොඳ අත්හදා බැලීමක්. මේ දේ ඉෂ්ඨ කිරිමට මම කැපවෙනවා‘ යැයි අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත.

“අමාත්ය වරුන්, මංත්රීැවරුන්, රාජ්යර තාන්ත්රිේකයන්, කාන්තා දේශපාලන නායකයින් සහ රටපුරා සිටින ක්රිඅයාධරයන් ඇතුළුව 300 කට අධික පිරිසක් මෙම උළෙලට සහභාගි වූහ. කථානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා,එක්සත් ජාතින් ගේ නේවාසික සම්බන්ධීකාරක සුබිනරි නැන්ඩි, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්, රොබින් මුඩියා මෙම උළෙලේ ආරධිතයන් අතර වූහ. තමන් ගේ වෘත්තියේ විශිෂ්ඨත්වය පෙන්වූ කාන්තාවන් 25 දෙ‍නෙකුට ඔවුන් ලඟා කරගත් ජයග්‍රාහනයන් වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනමන ලදි. ශ්‍රී ලාංකාවේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබද විද්වත් මණ්ඩලයක් විසින් කරන ලද සාකච්ඡා මලාවකින් සංසදයේ කටයුතු අවසන් කෙරිණ.

මේ සදහා ආධාර මුදල් ලබා දුන් US Dos ගෝලීය කාන්තා වැඩසටහන විසින් ප්‍රාදේශීය පාලනය තුළ කාන්තාව යන ව්‍යාපෘතිය යටතේ කාන්තා දේශපාලනය ඉහළ නැංවිම සදහා සිදුකරන ලද ක්‍රියාකාරකම් අතර ඉතාමත් වැදගත් ක්‍රියාකාරකමක් ලෙස මෙය හැඳින්විය හැක. මෙම ව්‍යාපෘතියේ අරමුණ වුයේ අම්පාර, බදුල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කයනහී කාන්තා නායිකාවන් බිහිකිරිමයි. දේශපාලනයේ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම සඳහා මැතිවරණ නීති තුළ විශේෂයෙන් ම පළාත් සභා පනත් තුළ දැනට සිදුකරමින් පවතින ව්‍යවස්ථාදායක සංශෝධනයන් අවසන් කිරීම සඳහා කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, යුද්ධයේ බලපෑමට ලක්වු කාන්තාවන් ගේ සංගමය, දේශපාලන පක්ෂ සමඟ සමීපව කටයුතු කරන ලදි.

Proposals by the Parliamentary Women’s Caucus

Proposals pg2