දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත‍්‍රී ශ‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීමේ දී සමානත්වය සහ යුක්තිය පිළිබඳ කලාපීය සමුළුව

සංවිධානය : කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සමඟ ඒකාබද්ධව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
2022 ඔක්තෝම්බර් 20 සහ 21

මෙම සමුළුව සඳහා සහභාගි වීමට කැමති පර්යේෂකයන්, ක‍්‍රියාකාරීන් සහ
වැටුප් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ උපදේශකයින් පෙර ලියාපදිංචි වන මෙන් ආරාධනා කෙරේ.

දැන්ම ලියාපදිංචි වන්න – මාර්ගගත ලියාපදිංචි කිරීමේ පෝරමය සඳහා මෙතැන ක්ලික් කරන්න

2022 ඔක්තෝබර්, 20 සහ 21 දිනයන්හි

ශ‍්‍රී ලංකාවේ ZOOM මගින් – 9.00 පෙ.ව- 5.00 ප.ව.

වැටුප් නොලබන සුරැකුම් වැඩ සංකල්පය මූලික වශයෙන් පවුල පදනම් වූ ගෘහස්ථයන්ගේ යහපැවැත්ම සඳහා නිවස තුළ සිදු කරන වැඩ කෙරෙහි අවධානය යොමු කරයි. වැටුප් නොලබන ගෘහාශ‍්‍රිත වැඩ, පවුලේ සාමාජිකයින්ගේ රැකවරණය මෙන්ම විවිධ ආකාරයෙන් කුටුම්භය වෙනුවෙන් සිදුකරන සමාජ සබඳතා පවත්වාගෙන යාම වැනි ස්වේච්ඡුා ක‍්‍රියාකාරකම් ඇතුළත් වේ. දකුණු ආසියාවේ බොහෝ කුටුම්භවල මෙම කටයුතු සිදු කරනු ලබන්නේ කාන්තාවන් වන අතර එය පවුලේ කාන්තාවන්ගේ මූලික වගකීම ලෙස සැලකේ. මෙම කාර්යයට සමාජීය මෙන්ම ආර්ථික වටිනාකමක් ඇති අතර එය සියලූම ගෘහස්ථ සාමාජිකයින් සඳහා තීරණාත්මක වෙමින් දේශීය ආර්ථිකයට ද ව්‍යාප්ත වේ. කෙසේ වෙතත්, නොගෙවූ සුරැකුම් කාර්යයේ ශ‍්‍රමය, කාලය සහ වටිනාකම තවමත් හඳුනාගෙන නොමැත්තේ ප‍්‍රධාන ධාරාවේ ආර්ථික සැලසුම්කරුවන් එය කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ස්ත‍්‍රී පුරුෂ භූමිකාවන් හරහා දකින හෙයිනි.

වැටුප් නොලබන සුරැකුම් වැඩ අවබෝධ කර ගැනීමට සහ එයින් ආර්ථිකයට ඇති වැදගත්කම විපරම් කිරීමේ මාර්ගයන් ගවේෂණය කිරීමටත් අප විසින් සිදුකරනු ලැබූ පර්යේෂණ සොයාගැනීම් සාකච්ඡුා කිරීම සහ බෙදා ගැනීමටත් බලාපොරොත්තු වෙමු. මෙම සමුළුව සඳහා ස්ත‍්‍රීන් මුහුණදෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් ක්‍ෂේත‍්‍රයේ වැඩකරන පර්යේෂකයන් සහ ක‍්‍රියාකාරීන් සහභාගි වනු ඇත. මෙම සමුළුවේදී ‘ශ‍්‍රී ලංකාවේ වැටුප් නොලබන සුරැකුම් වැඩ’ පිළිබඳ කෙටි වාර්තා චිත‍්‍රපටයක් ද ඇතුළත් වේ.

විස්තර පත්‍රිකාව