සාමකාමීව පවත්වාගෙන යන ගෝඨාගෝගම විරෝධතාවයට එරෙහි ප්‍රහාර පිළිබඳව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශය

2022 මැයි

2022 මැයි 9 වන දින ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී ගෝටාගෝගම විරෝධතාවයට සහ අරගල භූමියට එරෙහිව එල්ල වූ ප්‍රහාරය කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් තරයේ හෙළා දකිනු ලැබේ.

ඉහල යන උද්ධමනය, මුදල් අවප්‍රමාණය වීම සහ ඉහල යන මිල ගණන් මධ්‍යයේ දෛනික අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන සහ අඛණ්ඩ විදුලිබල හිඟය තුළින් පිළිබිඹු වන දැඩි ආර්ථික අවපාලනය, ඉහවහා ගිය දූෂණය සහ දයා විරහිත ආකාරයෙන් ආර්ථික දුෂ්කරතා නොසලකා හැරිීම නිසාවෙන් ඇති වූ අර්බුදයට විරෝධය පළ කරමින් පුරවැසියන් විසින් අප්‍රේල් 9 වනදා සිට මෙම විරෝධතාවය හා අරගල භූමිය සාමකාමීව ස්ථාපිත කර අත්පත් කර ගන්නා ලදී.

ආර්ථික හා දේශපාලන අවභාවිතාවේ අපේක්ෂා භංගත්වයේ මට්ටම, වගවීම සඳහා ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටී ය. කෙසේ වෙතත්, 09 වැනිදා උදෑසන අගමැතිවරයාගේ උසිගැන්වීම මත රාජ්‍ය අනුග්‍රහය මත බස්රථවලින් පැමිණ කඩාවැදුණ දහස් සංඛ්‍යාත කලහකාරී පිරිස් විසින් විරෝධතාකරුවන්ට පහරදීම නිසා හා ගාලු මුවදොර උද්ඝෝෂණ භූමිය විනාශ කිරීම නිසාවෙන් සාමකාමීව රැස්වීමට, අදහස් ප්‍රකාශ කිරීමට සහ විරෝධතා දැක්වීමට ඇති අයිතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය විය. විරෝධතාකරුවන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, එම ස්ථානයේ තිබූ කූඩාරම් විනාශ කර ඇත. අරලියගහ මන්දිරයෙන් පිටත විරෝධතා භූමියේ අත්පත් කරගෙන සිටි සාමකාමී විරෝධතාකරුවන්ට ද එවේලේ ම ප්‍රහාරයක් එල්ල විය.

මෙම ද්‍රෝහී ප්‍රහාරයන් නිසා, එදින අවසන් වන විට ඇඳිරි නීතිය පනවා තිබියදීත් මාස ගණනාවක් පුරා වර්ධනය වූ කලකිරීම් සහ ප්‍රකෝපවත් ප්‍රතිප්‍රහාර සහ නීතිය හා සාමය බිඳ වැටීම් අතර ජනතාව තුළ භ්‍රාන්තික මනෝභාවයක් ඇති කෙරැණි. කෝපයට පත් පුරවැසියන් රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීමට නැවත සටන් කළ බැවින් පනවන ලද හදිසි අවස්ථාව කෝපය මැඩපැවැත්වීම වෙනුවට තත්ත්වය වඩාත් නරක අතට පත් කළේ ය. ගාලු මුවදොර විරෝධතා භූමිය නැවත ගොඩනඟන ලද අතර අරගලයේ සහ ප්‍රතිවිරෝධයේ ජීවගුණය සාමකාමීව අඛණ්ඩව පැවතුන වන බැවින් අපි ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සාදරයෙන් පිළිගන්නෙමු. කෙසේ වෙතත්, රාජ්‍යය ප්‍රකෝප කළ ප්‍රචණ්ඩත්වය අනුමත කිරීම මගින් අවාසනාවන්ත ලෙස කෝප සහගත මනෝභාවයන් වර්ධනයට හේතු වූ අතර රටේ තවත් බොහෝ ස්ථානවල ප්‍රචණ්ඩත්වය සහ ගිනි තැබීම් වේගයෙන් ඇති වුණි.

ආර්ථික දුෂ්කරතා තව තවත් උග්‍ර කළ හැකි නීතිය හා සාමය බිඳවැටීමත් සමග නිර්මාණය වී ඇති මෙම අර්බුදය පිළිබඳව අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින්නෙමු. ප්‍රචණ්ඩත්වය පිළිබඳව වහාම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් අපරාධකරුවන් සහ ප්‍රචණ්ඩත්වය සංවිධානය කිරීමට උදව් කළ අය කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටින්නෙමු. පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සන්සුන්ව ක්‍රියා කරන ලෙස ද අපි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීමට සහයෝගය දක්වන සදාචාරාත්මක අධිකාරියේ සිටින අයට අපි හදිසි ආයාචනයක් කරන්නෙමු. රජයක් නොමැති අවස්ථාවක සහ අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම තුළ දේශපාලන ස්ථාවරත්වය යළි ස්ථාපිත කර ආර්ථික ප්‍රකෘතියට මග පෙන්වන යථාර්ථවාදීව ක්‍රියාත්මක කළ හැකි සැලැස්මක් සමඟින් ශ්‍රී ලංකාවේ පවතින අර්බුදවලට හේතු විසඳීමට පියවර ගන්නා ලෙස අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙම අතිශය අස්ථාවර කාලය තුළ හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා විසින් ගත් තීරණය පිළිබඳව ද අපි කනස්සල්ලට පත්ව සිටින්නෙමු. මානව හිමිකම් විශාල වශයෙන් උල්ලංඝනය කිරීමට තුඩු දිය හැකි අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට පනවන ලද රෙගුලාසි මගින් රජයට ඉඩ සලසා දේ.

අද රට මුහුණ දී සිටින ක්ෂණික දුෂ්කරතා සමඟ කටයුතු කිරීමට අපට සහන සැලසෙන පරිදි රජය ප්‍රතිසංවිධානය කිරීමටත් සාමකාමී විරෝධතා දැක්වීමට සහ රැස්වීමට ඇති අපගේ අයිතිය නැවත අවධාරණය කරන අතර, ම්ලේච්ඡ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයට සහ වගවීමට හා පාර්ලිමේන්තුව වහා යළි කැඳවීම ඇතුළුව පවතින අර්බුදයට යථාර්ථවාදී සහ ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් ඉල්ලා සිටින බැවින් මෙම අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු. මෙම අභියෝග ජය ගැනීම සඳහා එක්ව ප්‍රමුඛත්වය දිය යුතු බැවින් ජනතාව අඛණ්ඩව සහයෝගීතාවයෙන් යුක්තව කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

මෙතනින් බාගන්න