2019 පාස්කු ඉරු දින සිදු වූ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබද ස්තී‍්‍ර අයිතිවාසිකම් සංවිධානයහි ප‍්‍රකාශනය

Download Statement

2019 අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා දින මීගමුව කොළඹ සහ මඩකලපුවේ කිතුනු දේවස්ථානවලට සහ වෙනත් ස්ථානවලට එල්ල කරන ලද බිහිසුණුු ප‍්‍රහාර අපි දැඩි සේ හෙලාදකිමු. මෙම ප‍්‍රහාරයෙන් දිවි අහිමි වූ සහ තුවාලලත් සියළු දෙනාගේ පවුල්වල සාමාජිකයින් සහ ඥාතිමිත‍්‍රාදීන් වෙත අප, අපගේ බලවත් ශෝකය පලකර සිටිමු. සාමය සහ ජාතීන් අතර සහජීවනය පවත්වාගෙන යාමේ අගය වෙනුවෙන් අපගේ කැපවීම අපි ප‍්‍රකාශ කර සිටිමුු.

කි‍්‍රස්තුන් වහන්සේ මළවුන්ගේ නැගිටීම සනිටුහන් කරන ශුද්ධ වූ දිනයක් ලෙසත් සාමයේ දිනයක් ලෙසත් ලොව පුරා සැමරුමට ලක්වන පාස්කු ඉරුදින කොළඹල මීගමුව සහ මඩකලපුව යන ස්ථානවල සිදු වූ මෙම ප‍්‍රහාර ඉතා කෲර සහ බිහිසුණුය. මෙම ප‍්‍රහාරයන් අට මගින්ම මූලික වශයෙන්ම ඉලක්ක කරන ලද්දේ කිතුනු බැතිමතුන් බව පැහැදිලි ය. මෙම දේවස්ථාන සියල්ලම පිහිටා ඇත්තේ කිතුනු බැතිමතුන් විශාල වශයෙන් ජීවත්වන පරිසරයක වන අතර මෙම ස්ථාන සිංහල, දමිල සහ බර්ගර් ප‍්‍රජාව පාස්කු දින දේව මෙහෙයන් සදහා විශාල වශයෙන් එක්රැස් වන ස්ථාන වේ. මේ අතරින් කොච්චිකඬේ දේවස්ථානය යනු දිවයිනේ සෑම ජන කොට්ඨාශයකම ගෞරවයට සහ භක්තියට පාත‍්‍රව ඇති දේවස්ථානයකි. එසේම කොළඹ නගරයේ පිහිටි ප‍්‍රධාන සුඛෝපභෝගී හෝටල් ද මෙම ප‍්‍රහාරකයන්ගේ ඉලක්ක වියග මනා සම්බන්ධීකරණයකින් යුතුව මෙම ප‍්‍රහාරකයින් විසින් සිදු කරන ලද මෙම පුපුරවා හැරීම් මගින් 200 කට අධික පිරිසක් මිය ගිය අතර තවත් සිය ගණනක් දෙනා තුවාල ලදහ.

මෙම ප‍්‍රහාරයන් සහ ඒ හේතුවෙන් අහිිමි වූ ජීවිත පිළිබදව අපි බලවත් කණගාටුවට පත් ව සිටිමු. මේ ප‍්‍රහාරයන්ගෙන් විපතට පත් සියළු පවුල් සමගත් ප‍්‍රචණ්ඩත්වය මගින් සෘජුව සහ වක‍්‍රාකාරයෙන් බලපෑමට ලක් වූ සෑම දෙනා සමගත් අපි මේ මොහොතේ හෘදයාංගමව බැදී සිටිමු.

මෙම ප‍්‍රහාරයට ලක්ව දිවි ගලවාගත් තැනැත්තන්ගේ සහායට ඉදිරිපත් වූ සියළු දෙනා වෙතත් සාමය සහ සහජීවනය සදහාත් පලිගැනීම් සිදුවීම වලක්වා ගැනීම සදහාත් කටයුතු කරන සියළු ප‍්‍රජාව වෙත අපි අපගේ බලවත් කෘතඥතාවය පලකර සිටිමු. එසේ වූවත් සමහර ස්ථානවල මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව පලිගැනීම සදහා තැත් කරනු ලැබීම් වාර්තා වී තිබීම පිළිබදව අපගේ දැඩි කණස්සල්ලට හේතුවකි. අප රටේ බහු වාර්ගිකත්වයල බහුත්වවාදය පිළිගනිමින් සහ ඒ සදහා අපගේ ඇති කැපවීම තවදුරටත් සපථ කරමින් ඉතා ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කරන මෙන් අපි සියළු ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු. ආගමික හෝ දේශපාලනික මෙහෙයවීම් මගින් එම තත්ත්වය විනාශ වීමට ඉඩ නොසැලසීමට අප වගබලා ගත යුතුය.

සෑම ශී‍්‍ර ලාංකිකයකුටම තම අභිමතය අනුව ඕනෑම ආගමක් ඇදහීමටත් ඒ වෙනුවෙන් කටයුතු කිරීමටත් ආගමික ස්ථානවල වන්දනාමාන කිරීමටත් ඇති අයිතිවාසිකම අපි පිළිගෙන තහවුරු කර සිටිමු. එසේම සෑම පුරවැසියකුම ප‍්‍රසිද්ධියේත් පුද්ගලිකවත් සාමකාමී අයුරින් තමාගේ විශ්වාසය අනුව වැළදගත්තා වු ආගම ඇදහිම සහ තමා අගයන වටිනාකම් සහිත තම සංස්කෘතිය අනුව කටයුතු කිරීමත් තම සංස්කෘතිය පෝෂණය කිරීමත් සදහා ඇති අයිතිවසිකම දරන්නෝ බව අප ස්ථිර කර සිටිමු.

වසර 30 කට අධික සිවිල් යුද්ධය ද කැරලිකාරී තරුණ නැගිටීම් දෙකක් ද ඇතුලත් වූ ගැටුම්කාරී සහ ප‍්‍රචණ්ඩකාරී ශී‍්‍ර ලාංකීය ඉතිහාසය විසින් විශාල ජීවිත ගණනක් අපට අහිමි කර ඇත. සන්නද්ධ ගැටුම නිමා වූ 2009 වසරේ සිට බොහෝ ජනවාර්ගික සහ ආගමික මෙන්ම වෙනත් අනන්‍යතා සහිත කණ්ඩායම් සහ ප‍්‍රජා සාමූහිකයන් විසින් යුද්ධය නිසා බිද වැටුණ ජීවිත සහ ජීවනෝපායන් නැවත ගොඩනැගීම සදහා ඉතා දැඩි ප‍්‍රයන්තයක යෙදී සිටී. මෙය ඉතා අපහසු ගමන් මගක් වූව ද විශ්වාසය ගොඩනැංවීම සදහා මෙන්ම වගවීම සහ යුක්තිය උදෙසා වන ඉදිරි මගෙහි පියවර තැබීම පිණිස බොහෝ දෙනා ප‍්‍රයත්න දරමින් සිටී.

සාමකාමී ජනවාර්ගික සහජීවනය වෙනුවෙන් සියළු ජනවාර්ගිකයන්ගේ ප‍්‍රයත්තයන් කෙරෙහී පාස්කු ඉරු දින සිදු වූ මෙම ප‍්‍රහාරය ඉතා සෘණාත්මක බලපෑමක් කරනු ඇත. පසුගිය කාලයේ ආණ්ඩුවේ මෙහෙයුම ලැබූ සහ ආණ්ඩුවේ නොවන කි‍්‍රයාකාරීන් විසින් ආගමික ජාතිවාදය අවුලවමින් සිදු කරන ලද කි‍්‍රයාදාමයන් කෙරෙහි ඉවසීමෙන් සහ උදාසීනත්වයෙන් යුතුව බලධාරීන් විසින් බලා සිටීම අපි හෙලාදකිමු.

ජනතා ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු නොකිරීම ද කල් ඇතිව සිදු කරන ලද අනතුරු ඇගවීම් නොසලකා හැරීම අපි තරයේ හෙලා දකිමු. මෙම නොසැලකිලිමත්භාවය මෙම විනාශයට ඉඩ විවර කළේය. මෙම අර්බුදකාරී තත්ත්වයට ප‍්‍රතිචාර දැක්වීම සදහා සුදුසු කි‍්‍රයාමාර්ග සම්පාදනය කිරීමේ දී සෑම පුරවැසියකුගේම සහ ජන කොට්ඨාශයකම අවශ්‍යතාවයන් සහ මානව අයිතිවාසිකම් කෙරෙහි ප‍්‍රමුඛතාවය ලබා දෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. එසේම ආරක්ෂක මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමේ දී කිසිදු ජනවර්ගයක් හුදෙකලා නොකරන ලෙසත් කොන් කිරීමකට හෝ මානව හිමිකම් උල්ලංඝණය වන ලෙස හෝ කටයුතු නොකරන ලෙසත් අපි ඉල්ලා සිටිමු. පවතින තත්ත්වයට විසදුම් සෙවීමේ දී මානව අයිතිවාසිකම් උල්ලංඝණයවීමට මග පෑදෙන ආකාරයට විධායක බලතල, හමුදාමය සහ ආරක්ෂක බලතල සහ විධිවිධාන ව්‍යාප්ත නොකරන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

එසේම මෙම අවස්ථාවේ දී එකිනෙකා කෙරෙහි සහයෝගිතාවයෙන් යුතුව සන්සුන්ව කටයුතු කරන ලෙස සියළු ජන කොට්ඨාශ සහ සිවිල් පුරවැසියන් වෙත ආයාචනා කරමු. සැකය වෛරය සහ ප‍්‍රචණ්ඩත්වය තුළ ගැලී අප කටයුතු නොකළ යුතු අතර තවත් ආකාරයක ජනවාර්ගික හෝ ආගමික යුද්ධයක් නැවත ඇති නොවීම සදහා අපි එකමුතුව කි‍්‍රයා කළ යුතුව ඇති බව අවධාරණය කරමු.

කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය

ස්තී‍්‍ර සම්පත් මධ්‍යස්ථානය

Muslim Personal Law Reform Action Group

Muslim Women’s Research and Action Forum

ඩාබිදු – කටුනායක

සවිස්ත්රි ජාතික කාන්තා ව්යාපාරය

ප්රජා දිරිය පදනම – පුත්තලම

Centre for Social Concerns

The Social Architects

EQUAL GROUND

කාන්තා සංවර්ධන කේන්ද්‍රය – බදුල්ල

ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සංවිධානය – මොණරාගල

සංක‍්‍රමණිකයන් සදහා වන කි‍්‍රයාකාරී ජාලය – කොළඹ

ගැමි කාන්තා පෙරමුණ – ගාල්ල

ස්තී‍්‍ර මධ්‍යස්ථානය – ජාඇල

ස්රාමබිමානි කේඳ්රය

Women’s Action Network

Mannar Women’s Development Federation

Viluthu Centre for Human Resource Development

Women’s Education and Research Centre

Sri Lanka Women’s NGO Forum

Suriya Women’s Development Centre, Batticaloa

ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානය