Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2008 ජනවාරි – අපේ‍්‍රල්. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2007 දී දියත් කළ මෙම ව්‍යාපෘතිය එම අරමුණු, එනම් පළාත් පාලන ආයතන ගැන ස්ත‍්‍රීන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඔවුන්ගේ ඉදිරිපත් වීමේ හැකියාව වර්ධනය කිරීම සහ යහපාලන හැකියාව ඇති කිරීම වැනි අරමුණු සඳහාම 2008 දී ද ක‍්‍රියාත්මක කෙරිණ. කුරුණෑගල, මොණරාගල හා බදුල්ල දිස්ත‍්‍රික්කවලින් තෝරාගත් පළාත් පාලන ආයතනවල නිරීක්ෂණ කණ්ඩායම් ක‍්‍රියාත්මක විය. එම දිස්ත‍්‍රික්ක තුනේ පළාත් පාලන ආයතන 14 ක් නිරීක්‍ෂිකාවන් 25 ක් විසින් නිරීක්ෂණය කරන ලදී. එම කාල පරිච්ෙඡ්දය තුළ නිම කරන ලද ක‍්‍රියාකාරකම් මෙසේය:

 

1* නිරීක්ෂණය. නිරීක්ෂණ කණ්ඩායමේ අවධානය යොමු වූයේ පහත සඳහන් මූලික ක්‍ෂේත‍්‍ර කෙරේය. සාකච්ඡුාවල මූලික තේමාවන් හඳුනා ගැනීම, ප‍්‍රශ්න විසඳීම හා ඊට අදාළ අඩුපාඩු. මෙම නිරීක්ෂණයේ වැදගත් ප‍්‍රතිඵලයක් වූයේ පළාත් පාලන ආයතන සඳහා ස්ත‍්‍රී-පුරුෂභාවය පිළිබඳ සංවේදී පුහුණුවක් සඳහා අවශ්‍ය තොරතුරු රැුස්කර ගැනීම හා තහවුරු කර ගැනීම ය.

 

2* දිස්ත‍්‍රික්ක මට්ටමේ කරුණු දැක්වීම හා දැනුවත්භාවය වැඩි කිරීම, ප‍්‍රජා මූලික සංවිධාන අතර දැනුවත්භාවය වැඩි කිරීමේ අරමුණෙන් තෝරා ගත් පළාත් පාලන ආයතන සමහරක එක් දින වැඩමුළු පවත්වන ලදී. වැඩමුළු පවත්වන ලද්දේ

 

බදුල්ල නගර සභාව සහ බදුල්ල ප‍්‍රාදේශීය සභාව     2008 පෙබරවාරි 16

බණ්ඩාරවෙල නගර සභාව සහ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාව       2008 ජනවාරි 18

මොණරාගල ප‍්‍රාදේශීය සභාව          2008 අපේ‍්‍රල් 27

බඩල්කුඹුර ප‍්‍රාදේශීය සභාව            2008 පෙබරවාරි 20

බුත්තල ප‍්‍රාදේශීය සභාව      2008 අපේ‍්‍රල් 28

 

හොඳ සහභාගිත්වයක් තිබුණ මෙම වැඩමුළුවලින් අත්කර ගත් කැපී පෙනෙන වෙනස්කම් වූයේ ඊළඟ අය-වැයට පෙර ස්ත‍්‍රීන්ගේ යෝජනා සහ ඔවුන්ගේ අවශ්‍යතා පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂපාතිත්වය නොසලකා ස්ත‍්‍රී අපේක්ෂිකාවන්ට සහාය දීම, දේශපාලන පක්ෂ නායකයින් අතර දැනුවත්භාවය වැඩි කිරීම.

 

3* ක්‍ෂේත‍්‍ර චාරිකා සහ දැනුම බෙදාහදා ගැනීම. ක්‍ෂේත‍්‍ර චාරිකා තුළින් ප‍්‍රජාවන් සහ ඔවුන්ගේ ගැටළු හඳුනාගැනීමෙන් ග‍්‍රාමීය මට්ටමේ දී ඒවා වඩාත් හොඳින් විසඳිය හැක්කේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට පහසුය. ක්‍ෂේත‍්‍ර චාරිකා තුළින් දිස්ත‍්‍රික්කය තුළ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් කාන්තාව හා මාධ්‍ය සාමූහිකයට තම ජාල ගොඩනැගීමේ හැකියාවන් හා අත්දැකීම් වැඩිදියුණු කරගැනීමට හැකි විය.