Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2009 ජනවාරි – ජුනි කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2007 දී දියත් කළ මෙම ව්‍යාපෘතිය ඉන්පසු වසරවලදී ද එම අරමුණු සඳහාම පවත්වාගෙන එන ලදී. එම අරමුණු නම්, පළාත් පාලන ගැන ස්ත‍්‍රීන්ගේ දැනුම වැඩිකිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කිරීම, යහ පාලනයේ හැකියාව ලබාදීමයි. කුරුණෑගල, මොණරාගල හා බදුල්ල යන දිස්ත‍්‍රික්කවල තෝරාගත් පළාත් පාලන ආයතනවල නිරීක්ෂණ කණ්ඩායම් ඒ සඳහා යොදවාගන්නා ලදී. අදාළ කාල සීමාවේ දී නිරීක්‍ෂණය සහ නිම කරන ලද කි‍්‍රයාකාරකම් වන්නේ: නිරීක්ෂණ කණ්ඩායම් තෝරාගත් පළාත් පාලන ආයතනවල සමහර මන්ත‍්‍රීවරුන්ගේ විරුද්ධත්වය තිබුණ ද නිරීක්ෂණය දිගටම කරන ලදී. පළාත් පාලන ආයතනවලින් මහජනතාව අපහසුවට පත්කරන සමහර වැඩ කටයුතු නිරීක්ෂණ කණ්ඩායම්වල නිරීක්ෂණයට හසු විය. පළාත් පාලන ආයතන මගින් සිදුකරන ලද සංවර්ධන කටයුතුවල අඩුපාඩුකම් ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් විය. පළාත් පාලන ආයතනයේ අයවැය තුළින් වෙන්කෙරෙන ප‍්‍රතිපාදන හා ඒවායේ අඩුපාඩු නිරීක්ෂණයට ලක් විය.

 

මෙම කණ්ඩායම් විසින් කරන ලද සමහර ක‍්‍රියාකාරකම් වන්නේ වෛද්‍ය සායන සහ මාතෘ සායන පැවැත්වීම. පාසල්වල පහසුකම් වැඩි දියුනු කිරීම, දිස්ත‍්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම, තෝරාගත් පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සඳහා ‘ගම නැගුම’ අරමුදල් වෙන්කරන ආකාරය සාකච්ඡුා කිරීම යනාදියයි. නිරීක්ෂණ ක‍්‍රියාවලිය ඊළඟ වසරේ ද පවත්වනු ඇත.