The Asia-Pacific Review on Beijing+20 Begins

ස්ත්‍රීපුර්ෂ සමාජභාවිය සමානතා සහ කාන්තාව බල ගැන්වීම: බේජීන් + 20 ආසියා ශාන්තිකර කලාපයේ ඇගයිම අද බැංකොක් නුවරදී ආරම්භ කරන ලදි. ආසියා ශාන්තිකර කලාපයට අයත් රජ්‍යයන් ස්ත්‍රීපුර්ෂ සමාජභාවිය සමානතා සහ කාන්තාව බලගැන්වීම සම්බන්ධ අදාළ කරුණු කාරණාවලට ඉදිරි දින 4 තුළ සවන් දෙනු ඇත.

සමුළුව අවසානයේදී රාජ්‍යයන් විසින් දෙන ලද පොරොන්දු සහ ඉදිරි වසර 5 තුළ අයොජනය සඳහා හඳුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර 2015 වසරේ පැවැත්විමට නියමිත ගෝලිය ඇගයිම් ක්‍රියාවලියේ ( කාන්තාගේ තත්ත්වය පිළිබඳ අධිකාරයේ 59 සැසිය) ප්‍රාදේශිය යෙදවුමක් ලෙස ඉදිරිපත් කිරීමට අවසන් අමාත්‍ය ප්‍රපකාශයට ඇතුළත් කරන ලදි.

එක්සත් ජාතින් ගේ කාන්තා නියෝජිත, රොබටා ක්ලාකේ, ආසියා පැසිපික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ අතිරේක විධායක ලේකම් ෂුන්-ඉචි මුරටා, තායිලන්තයේ සමාජ සංවර්ධන සහ මානව සුරක්ෂිතතාව පිළිබද අමාත්‍ය, අඩුල් සාඉන්සිංකාවු සහ සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් ඉනි ලෙස්ටරි ඇන්ඩයානි විසින් ප්‍රකාශයන් නිකුත් කිරීමෙන් පසු සමුළුවේ කටයුතු ආරම්භ කරන ලදි.

සමුළුවේ අනෙකුත් කටයුතු අතර ඇන්ඩියානි විසින් වගවිමේ අවශ්යවතාව පිළිබඳ ඉස්මතු කරන ලද කරුණු පෙන්වා දිය හැක. “වගවිම යනු අප අතර ඉතාමත් අඩු වශයෙන් බලවත් එමෙන්ම අප විසින් සිදුකරන කාර්ය්‍යන් සඳහා වගකිම දැරිමේ හැකියාව අල්ලා සිටින වඩාත් ශක්තිමත් දෙයක්” ලෙස ඇය පැවසුවාය. සිවිල් සමාජ නියෝජිතයන් කාන්තාවගේ අයිතිවාසිකම් සඳහා අඛණ්ඩව අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳ සඳහන් කරන ලදි. එම ක්ෂේත්‍ර නම් කාන්තාවන් ගේ ලිංගික අයිතිවාසිකම්, පෙරට වඩා දක්නට ලැබෙන රණකාමිත්වය, මූලධර්මවාදය සහ අන්තවාදය ඉහළ යාම සහ වත්මන් සංවර්ධන ආදර්ශයන් තුළ සිදුවන අසාධාරණකම් ය.

සංවර්ධන සාධාරණත්වය සදහා සමාජ පරිණාමනය, ආර්ථික, පාරසරික, ස්ත්රීශපුර්ෂ සමාජභාවය, ලිංගිකත්වය සහ සමාජ සාධාරණත්වය යන කරුණු කෙරේ සැලකිලිමත්විම අවශ්‍ය වන බවද ඇන්ඩයානි පැවසුවේය. (සිවිල් සමාජ සංවිධාන විසින් සිදුකරන ලද සම්පූර්ණ ප්‍රකාශ කියවිම සඳහා අන්තර් ජාලයට පිවිසෙන්න)