United Nations Special Rapporteur on the human rights of migrants meets members of ACTFORM and WMC

සංක‍්‍රමණිකයන්ගේ මානව අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ප‍්‍රංශුවා කි‍්‍රපු වැඩ කිරීම සඳහා විදේශවලට සංක‍්‍රමණය වන ශී‍්‍ර ලාංකිකයන්ගේ මානව හිමිකම් තත්ත්වය හා අදාළ බඳවා ගැනීමේ භාවිතයන් පිළිබඳව අගැයීම සඳහා 2014 මැයි 19 දින සිට 26 දින දක්වා ශී‍්‍ර ලංකාවේ සංචාරය කළේ ය. ක්‍රේපවු මහතාගේ රටේ කළ අට දින සංචාරයේ දී ඔහු සංක‍්‍රමණිකයන්ගේ මානව අයිතීන් වඩා හොඳට ආරක්ෂා කරන්නේ කෙසේදැයි සාකච්ඡුා කිරීම පිණිස 2014 මැයි 23 දින කොළඹ කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ කාර්යාලයේ දී සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලයේ (ACTFORM) හා කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) කලාපීය සාමාජික සාමාජිකවන් මුණ ගැසුනි.

සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලය (ACTFROM) හා කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC) විසින් ශී‍්‍ර ලාංකික සංක‍්‍රමණික කම්කරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු පහත සඳහන් ප‍්‍රධාන ක්ෂේත‍්‍ර මතු කර දක්වමින් සංක‍්‍රමණිකයන්ගේ මානව අයිතීන් පිළිබඳ වාර්තාවක් විශේෂ නියෝජිතවරයා වෙත ඉදිරිපත් කරනු ලැබී ය.

  • ශී‍්‍ර ලංකා ආණ්ඩුව හා සංක‍්‍රමණික ශ‍්‍රමය ලබා ගන්නා රටවල් අතර ද්විපාර්ශවීය ගිවිසුම්වල ඇති අඩුව.
  • සංක‍්‍රමණික ශ‍්‍රමය ලබා ගන්නා රටවල් සංක‍්‍රමණික කම්කරුවන්ගේ අයිතීන් සහතික කිරීමට බැඳෙන එක්සත් ජාතීන්ගේ/ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප‍්‍රධාන සම්මුතීන්ට අත්සන්කරුවන් නොවීම.
  • වයස අවුරුදු පහට අඩු ළමුන් සිටින සංක‍්‍රමණික ස්තී‍්‍රන් මත සීමා කිරීම් පැනවීම. මෙයින් ආණ්ඩුව සමාන වැටුප් සහිතව වැඩ කිරීමේ විකල්පයන් සැපයීමෙන් තොරව රැකියා සඳහා පිටරට යාමේ අයිතිය ස්තී‍්‍රන්ට අහිමි කරයි.
  • සංක‍්‍රමණික ශ‍්‍රමය ලබා ගන්නා රටවල සංක‍්‍රමණික කම්කරුවන් සඳහා ප‍්‍රමාණවත් සේවාවන්ගේ අඩුව හා අදාළ ශී‍්‍ර ලාංකික දුත මණ්ඩලවලදී ප‍්‍රමාණවත් සහායක් නොමැති වීම.
  • ආපසු පැමිණෙන සංක‍්‍රමණික ස්තී‍්‍රන් සඳහා ප‍්‍රත්‍යනුකලන සේවාවන්ගේ අප‍්‍රමාණවත් භාවය.
  • රක්ෂණ හිමිකම් පෑම් සඳහා වන අප‍්‍රමාණවත් කාල සීමාව. දැනුමේ අඩුව, ශී‍්‍ර ලංකා සේවා නියුක්ති බියුරෝවේ සිට ඇති දුර හා දුර්වල ආධාර සේවා හේතු කොට ගෙන ආපසු පැමිණෙන සංක‍්‍රමණික කම්කරුවන්ට රක්ෂණ හිමිකම් පෑම් සඳහා වන දින 7 ක කාල සීමාව ප‍්‍රමාණවත් නැත.
  • දිස්ති‍්‍රක්, පළාත් හා ජාතික මට්ටම්වල දී සේවා සැපයුම්කරුවන්ගේ ප‍්‍රධාන ආයතනික වගකීම් පිළිබඳ ඇති පැහැදිලිතාවයේ අඩුව.
  • සංක‍්‍රමණික කම්කරුවන්ට ඔවුන්ගේ භාෂාවෙන් සේවා ගිවිසුමේ පිටපතක් ලැබෙන්නට සැලස්වීම අනිවාර්ය කරන ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණයක්.
  • විශේෂයෙන්ම දිස්ති‍්‍රක් මට්ටමේ දී ඔවුන්ට ලබා ගත හැකි සේවාවන් පිළිබඳව සංක‍්‍රමණික කම්කරුවන්ගේ දැනුවත් භාවයේ අඩුව.
  • පවුල් වගකීම් උසුලන හා දරුවන් බලා ගන්නා පිරිමින්/පිවරුන්ට ධනාත්මක සන්නිවේදන කාලයක අඩුව.
  • සංක‍්‍රමණිකයින්ට ඡන්දය දීමේ අයිතීන් නොමැතිකම.
  • සංක‍්‍රමණික කම්කරුවන් සම්බන්ධ ප‍්‍රමාණවත් අත්ත ගබඩාවක් ආණ්ඩුවට නොමැති වීම

මෙය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ලෝකය පුරා සංක‍්‍රමණිකයන්ගේ තත්ත්වය පිළිබඳව නියාමනය කිරීම හා වාර්තා කිරීම පවරන ලද ස්වාධීන විශේෂඥයෙකු විසින් ශී‍්‍ර ලංකාවේ කරන ලද ප‍්‍රථම දුත මෙහෙවර ය. විශේෂ නියෝජිතවරයා 2015 ජූනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සිය සංචාරය පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත.