Towards Transitional Justice

සංක‍්‍රාන්තික යුක්තිය සඳහා වන රජයේ වැඩපිළිවෙල යටතේ පත් කොට තිබෙන කාර්ය සාධක බලකායේ කි‍්‍රයාකාරිත්වය තේරුම් ගැනීම සහ සංහිඳියා යාන්ත‍්‍රණය පිළබඳ මහජන ප‍්‍රවිචාරණයේ දී එයට සහාය වීමට සිවිල් කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා වන එක් දින වැඩමුලූව 2016 ජූනි මස 22 දින කොළඹ දී පවත්වන ලදී.

කාන්තා සංවිධානද ඇතුළුව, සිවිල් සමාජ සංවිධාන සාමාජික සමාජිකාවන් 45දෙනෙකු ලංකාවේ විවිධ දිස්ති‍්‍රක්ක නියෝජනය කරමින් (කොළඹ, ගාල්ල, කුරුණෑගල, පුත්තලම, පොලොන්නරුව, අනුරාධපුරය, මහියංගනය, මොණරාගල, නුවරඑළිය, ගම්පහ) මෙයට සහභාගී වූ අතර, එහි සම්පත්දායකින් ලෙස කාර්යසාධක බලකායේ සභාපතිනි නීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම, ආචාර්ය ෆාරා ශනීපා, මිරාක් රහීම්, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ රමණී මුත්තෙට්ටුවේගම, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, භවානි ෆොන්සේකා හා අචාර්ය හරිනි අමරසූරිය සහභාගි විය.

ඍසටයඑි භදඅ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, රටේ වර්තමාන දේශපාලන සන්දර්භය පිළිබඳව සහ වර්තමාන ආණ්ඩුව, සංක‍්‍රාන්තික යුක්තිය සඳහා වන කි‍්‍රයාවලියට යොමු වු, දේශපාලන පසුබිම පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලදී. මෙහිදී ඔහු විසින් සඳහන් කරනු ලැබුවේ දිගින් දිගටම රට තුළින් සිවිල් සමාජයෙන් ආණ්ඩුවට කෙරුණ බලපෑම් හා ජාත්‍යන්තර වශයෙන් ලංකාවට එල්ල වූ බලපෑම මත සංක‍්‍රාන්ති යුක්තිය පිළිබඳ වැඩපිළිවෙලකට රජයට එකගවීමට සිදු වූ බවයි. එහිදී 2012 සිට මේ දක්වා ජිනීවාහි දී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ යෝජනා හා ඒ පිළිබඳ ලංකාවේ කලින් ආණ්ඩුව කි‍්‍රයා කළ ආකාරයත් නිසා 2014 වසරේදී වින්දිතයන් සම්බන්ධව ජාත්‍යන්තර පර්යේෂණයක් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය හරහා ආරම්භ කළයුතු බවට යෝජනා වූ බවයි.

ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිනි නීතිඥ මනෝරි මුත්තෙට්වේගම විසින් කාර්ය සාධක බලකායේ කාර්යභාරය පිළබඳ කෙටි හැඳින්වීමක් සිදුකරන ලදී. එහිදී පොදු මහජනයාට පෞද්ගලිකව පැමිණ, සංවිධාන වශයෙන් පැමිණ, අදාල පළාතේ පැවැත්වෙන ප‍්‍රසිද්ධ රැුස්වීම්වල දී හා ලිඛිත වශයෙන් යන මාර්ග 4ක් ඔස්සේ කාර්ය සාධක බලකායට කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත්, සියලූදෙනාගේම හඬට සවන්දීමට, ඔවුන්ගේ අත්දැකීම් හා මතවාදවලට ඉඩක් ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් ඇය පවසා සිටියා ය.

නීතිඥ රමණී මුත්තෙට්ටුවේගම මහත්මිය විසින් සංක‍්‍රාන්තික යුක්තිය යනු කුමක් ද හා ඒ සඳහා යොදා ගන්නා සංහිඳියා යාන්ත‍්‍රණ 4 පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. එම සංහිඳියා යාන්ත‍්‍රණ 4 නම් සත්‍යතාව, යුක්තිය, හානිපූරණය සහ නැවත සිදු නොවීමයි. මෙහිදී හානිපූරණය කිරීම කෙසේ සිදු කළ යුතු දැයි සාකච්ජාවට භාජනය වූ අතර, වන්දි මුදලින් තක්සේරු කළහැකි අතර හානි පූරණය මුදලින් තක්සේරු කළ නොහැකි දෙයක් බව පැවසුවාය. මිනිසුන්ගේ ප‍්‍රශ්න වන්දි මුදල් වලින් පමණක් විසඳිය නොහැකි බවත්, නිසියාකාරව හානි පූරණය සිදුවීමට නම් තීන්දු තීරණ ගන්නා පුද්ගලයින් එම හානිය දැනගත යුතු අතර මෙය මූල්‍යමය හානියක්ද, එයට එහා ගිය දෙයක්ද, එනම් හිත් බිඳීම්, කලකිරීම් ආදිය නම් ඒවා හානිපූරණය කරන ක‍්‍රමයක්, සමාව ගැනීම්, සමාව දීම් වැනි කි‍්‍රයාවලිීන්ද මෙයට ඇතුළත් විය යුතු බවත් ඇය ප‍්‍රකාශ කළාය.

ඍසටයඑ එද ඛසෙැ ආයතනයේ බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, උතුරු මුස්ලිම් කොමිසමේ කැඳවුම්කාරිනී ෆාරා හනීෆා, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ භවානි ෆොන්සේකා හා කලින් පැවති ව්‍යවස්ථා සම්පාදක කි‍්‍රයාවලියේ අදහස් විමසුම් කමිටුවේ සාමාජිකා අචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ඔවුන්ගේ ප‍්‍රායෝගික අත්දැකීම් හරහා සංක‍්‍රාන්ති යුක්තිය සඳහා වන කි‍්‍රයාවලියට මැදිහත් වන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
වැඩමුළුව අවසානයේ සංක‍්‍රාන්ති යුක්තිය සඳහා වන කි‍්‍රයාවලියේ දී සහ මහජන අදහස් ලබාගැනීමේ කි‍්‍රයාවලියේ දී මතු විය හැකි ප‍්‍රායෝගික ගැටළු පිළිබඳ සාකච්ජාවක් කාර්ය සාධක බලකායේ සාමාජික සාමාජිකාවන් හා සිවිල් සමාජ සංවිධාන සාමාජික සමාජිකාවන් අතර සිදු විය.