Training on script writing – Short Film Competition

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ 2020 කෙටි චිත‍්‍රපට තරඟය සඳහා එවූ තිරපිටපත් අතරින් තෝරාගන්නා ලද පිටපත් හිමිකරුවන්ට ‘පිටපත් රචනය සහ නිෂ්පාදනය’ පිළිබඳ දින 2ක නොමිලේ පුහුණුවක් ලබාදෙන ලදී. 2020 අගෝස්තු 28 සහ 29 දිනයන්හි කොළඹ දී පැවැත්වුණු මෙම වැඩමුළුවේ දී ‍්‍රවීණ චිත‍්‍රපටි අධ්‍යක්ෂ සහ සිනමා විෂය පිළිබඳ දේශකයෙකු වන සුදත් මහදිවුල්වැව මහතා ඉහත තේමාව යටතේ මූලික සම්පත්දායකයෙකු වශයෙන් කටයුතු කළ අතර කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ වැඩසටහන් අධ්‍යක්ෂිකා ආචාර්ය සේපාලි කෝට්ටෙගොඩ මහත්මිය විසින් ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන්ගේ වැටුප් රහිත සුරැකුම් වැඩ’ යන විෂය සංකල්පය පුළුල්ව හඳුන්වාදෙන ලදී.

මෙම වැඩමුළුවෙන් පසුව සහභාගිකයින් විසින් ඉදිරිපත් කරන කෙටිචිත‍්‍රපට ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරාගනු ලැබේ. හොඳම ජයග‍්‍රාහී කෙටි චිත‍්‍රපට, හොඳම තිරපිටපත් සඳහා වන ත්‍යාග ප‍්‍රදානෝත්සවය සමඟ කෙටි චිත‍්‍රපට උළෙල එළැඹෙන නොවැම්බර් මාසයේදී බලාපොරොත්තු වන්න.