ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලාංකික ස්ත්‍රීවාදීන් විසින් කරනු ලබන හදිසි ඉල්ලීම

ශ්‍රී ලංකාව මේ වන විට නිදහස ලබා ගැනීමන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටියි. පුළුල්ව පැතිරුණු ආහාර සහ ඉන්ධන හිඟය විසින් මිනිසුන්ගේ ජන ජීවිතය අඩපණ කරවයි. දැනටමත් සති කිහිපයක් තිස්සේ සිට පවතින එවැනි තත්ත්වයක් මේ වන විට ප්‍රචණ්ඩ ලෙස මර්දනය කෙරෙන පුළුල්ව පැතිරෙන විරෝධතාවලට තුඩු දී තිබේ. මෙම අසාධාරණ තත්ත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී විසම්මුතිය ප්‍රකාශ කිරීම සඳහා සාමාන්‍ය පුරවැසියන් විසින් සාමකාමී විරෝධතා ව්‍යාප්ත කිරීමේ පසුබිම තුළ ප්‍රචණ්ඩත්වය උත්සන්න වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු. සමස්තයක් වශයෙන් ගත් කල, අපි දකිමින් සිටින්නේ මානුෂීය අර්බුදයක් දිග හැරෙන ආකාරය යි. මෙම තත්ත්වයන් තවත් මිනිසුන් දරිද්‍රතාවයට ඇද වැටීමට සහ අසමානතා වැඩි කිරීමට දායක වන අතර, රට වසර කිහිපයකින් ආපස්සට ඇද දමනු ඇත. ගෑස් පෝලිම්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වන පෝලිම්වල සහ විරෝධතා ආදියේදී මෙම අර්බුදය සමඟ කටයුතු කිරීමේදී කාන්තාවන් ඉදිරියෙන් සිටී.
රටේ දේශපාලන බලය පිළිබඳ දැවැන්ත අර්බුදයක් තිබේ. මෙම සන්දර්භය තුළ මානුෂීය ආර්ථික අර්බුද සාමාන්‍ය පුරවැසියන් සඳහා ඉක්මනින් හා මූලික ලෙස බලපාන බව අපි අවධාරණය කරමු. පහත යෝජනා කර ඇති සියලුම ක්‍රියාමාර්ගවල අරමුණ වන්නේ පාලනයේ මූලික යාන්ත්‍රණයන්ට කාර්යක්ෂමතාව පෙන්වීමට හැකියාව ලබා දීමයි. පවතින රජය බිඳවැටීමට ආසන්නව තිබියදීත් අපි තවමත් රාජ්‍ය යාන්ත්‍රණය වෙතින් ඉල්ලා සිටින්නේ ජනතාවගේ අයිතිවාසිකම් සහ සුබසාධනය සහතික කිරීමේ මූලික රාජකාරි ඉටු කරන ලෙසය. ජනතාවගේ විශ්වාසය යළි ඇති කළ හැකි පාලන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ කාලීන අවශ්‍යතාවය බව අපි අවධාරණය කරමු. වත්මන් දේශපාලන පන්තිය ගැන ජනතාව දැඩි කලකිරීමකින් සිටින බව ද අපි දනිමු.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බලපෑම දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම දැනෙන අතරම දෛනික වැටුප් ලබන්නන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, නාගරික කම්කරු දුප්පතුන් සහ දරිද්‍රතාවයේ වෙසෙන අනෙකුත් ප්‍රජාවන් සහ ජන වර්ගය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික අනන්‍යතා සඳහා දැනටමත් සමාජයෙන් කොන් වී ඇති අය දරුණු වෙමින් පවතින අර්බුදය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්වන්නන් වෙති. නිවාස නොමැතිකමට සහ අගහිඟකම්වලට මුහුණ දෙන මිනිසුන් සිටිති. මෙම අර්බුදයට පෙර සිටම යැපුම් වේතන මත ජීවත් වූ තැනැත්තන්ගේ අතේ ඇති මුදල් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ක්ෂය වී ඇත. දීර්ඝකාලීන යුද්ධය, සුනාමි, පාස්කු බෝම්බ ප්‍රහාර සහ කොවිඩ් 19 වසංගතය වැනි ඛේදවාචකයන්ගෙන් අඛණ්ඩව පීඩාවට පත් වූ ජනතාව තම ජීවිත යළි ගොඩනගා ගැනීමට දරන උත්සාහයන්ට නැවතත් පහරක් එල්ල වෙමින් පවතී. මේ අතරම ජීවිතය ද කැපකොට සත්‍යය සහ යුක්තිය සෙවීම ද එදිනෙදා සිදුවෙමින් පවතී.
ආර්ථික අවදානම ගෘහ ක්ෂේත්‍රය තුළට තල්ලු වීම නිසා කඩා වැටෙන ආර්ථිකයක බර නියත වශයෙන්ම කාන්තාවන් මත පැටවේ. වැටුප් නොලබන සුරැකුම් කටයුතු කරන අතරම ආදායම් ඉපැයීමට ද සිදුවීමෙන් කාන්තාවන් මත ද්විත්ව බරක් පැටවී ඇත. අධ්‍යාපනයට ඇති බාධා, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ තනිකඩ මව්වරුන්ට නඩත්තු ගෙවීමේ අකාර්යක්ෂම සහ අසාධාරණ ක්‍රම හේතුවෙන් කාන්තාවන් තම දරුවන්ගේ යහපැවැත්ම සහතික කිරීමට අරගල කරති. අවිනිශ්චිතභාවය, කුසගින්න සහ මූලික පහසුකම් නොමැතිකම පිළිබඳ කලකිරීම් සහ භීතිකාවන් නිතරම නිවසේ දී කාන්තාවන් සහ දරුවන් වෙත එල්ලවන ප්‍රචණ්ඩත්වය බවට හැරවෙන්නේ ය. එවැනි ප්‍රචණ්ඩත්වයට පිළියම් යෙදීම සඳහා දැනට පවතින සීමිත සේවාවන් වසංගතය සහ දැන් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් අඩාල වී ඇත.
ශ්‍රී ලංකාවේ එක දිගට පැවතී රජයයන් විසින් හිතාමතා කරන ලද තේරීම් මගින් අපව මෙම විපතට පත් කර ඇත. මේ රට වැවිලි, ඇඟලුම් සහ සංක්‍රමණික ශ්‍රම යන ක්ෂේත්‍ර හරහා රටේ විදේශ විනිමය ගෙන ඒම ඇතුළුව කාන්තා ශ්‍රමය මත විශාල වශයෙන් රඳා පවතිමින් සිට ඇත. ඊට සමගාමීව, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය විසින් කාන්තාවන්ගේ ශ්‍රමයට සහ කාන්තාවන්ගේ ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකටම එනම්, ඔවුන්ගේ තත්ත්වයන්, සක්‍රියත්වය, අභිලාෂයන් සහ සමාජ තත්ත්වය කෙරෙහි බලපා ඇත. නාස්ති වී ඇත්තේ කාන්තා ශ්‍රමය සූරාකෑමෙන් රැස් කරගත් ධනයයි. මෙම පාඩුවට කිසිවකු වගකීම දරන්නේ නැත. ඒ වෙනුවට, නැවතත්, ආර්ථික අර්බුදයක බර ඉසිලීමට කාන්තාවන්ට බල කෙරෙයි.
රජය විසින් මෙතෙක් ලබා දී ඇති ප්‍රතිචාර ණය තත්ත්වය විසඳීම සඳහා ණය ලබා ගැනීමට සහ ආධාර සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ෂඵත්‍) වෙත යොමු වීමට සීමා වී ඇත. ෂඵත්‍ වැනි ක්‍රියාකාරීන් සහ අනෙකුත් අය විසින් සකසුරුවම් ප්‍රතිපත්ති මගින් රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම බලාත්මක කළ හැකි බව පිළිබඳ අප සැලකිලිමත් වන්නෙමු. ණය තිරසාර කිරීමට මෙය ශක්‍ය උපාය මාර්ගයක් ලෙස ඔවුන් බොහෝ විට උපකල්පනය කර ඇත. කෙසේ වුවද, වැට් බද්ද හරහා සෘජු බදු වැඩි කිරීම වැනි ප්‍රතිගාමී බදු ප්‍රතිපත්ති සහ රාජ්‍ය වියදම් කපා හැරීම මගින් සමාජ යටිතල පහසුකම් ඇතුළුව අත්‍යවශ්‍ය ඵලදායිතා වැඩිදියුණු කිරීම් සහ සියල්ලන් ඇතුළත් කර ගන්නා ආර්ථික වර්ධනය සඳහා ඇති හැකියාවන් අඩපණ කිරීම පමණක් සිදු කරනු ඇත. මානව ඵලදායිතාව සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සත්කාර සේවා සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම ආර්ථික අර්බුදයේ විශ්ලේෂණ නවලිබරල් ආර්ථික විද්‍යාඥයින් සහ ප්‍රධාන ධාරාවේ සාර්ව ආර්ථික කතිකාවන් මගින් පාලනය කෙරේ. මේවා විසින් බොහෝ දුරට අර්බුදය අමානුෂික කර ඇති අතර එමඟින් කාන්තාවන්ගේ, වැඩ කරන ජනතාවගේ සහ ආන්තික ප්‍රජාවන්ගේ දැවෙන උත්සුකයන්ට විසඳුම් ලබා නොදේ.
රාජ්‍ය ව්‍යවසායන්හි පවතින දූෂණය සහ ප්‍රගතිශීලී බදු ප්‍රතිපත්ති හඳුන්වාදීමට අපොහොසත් වීම වැනි අර්බුදයට බලපාන දිගුකාලීන හේතු පිළිබඳව අපි බරපතල ලෙස සැලකිලිමත් වන්නෙමු. මේවාට විසඳුම් ලබා දී නොමැති අතර, නැවතත් ආර්ථික බර ජනතාව මත පැටවෙන රාජ්‍ය සේවා පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයන් ඇතැයි අපි අනුමාන කරමු.

මෙම පසුබිම තුළ, ජාතික මට්ටමේ පවතින සාගින්න සහ අවුල් සහගත තත්ත්වයන් වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරමින් රජය සහ සිවිල් සමාජය සමඟ එක්ව මානුෂීය මෙහෙයුමක් කඩිනමින් දියත් කිරීම අත්‍යවශ්‍ය වේ. පහතින් ඉල්ලා සිටින සියලුම ක්‍රියාමාර්ග පදනම් වී ඇත්තේ රජය පුරවැසියාගේ මූලික අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දිය යුතුය යන පදනම මතය. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය විසින් රට තුළ සහ ඉන් පිටත සිය සියලු සාකච්ඡාවලදී, ඒ අනුව සම්පත් වෙන් කිරීමෙන් මෙම අවශ්‍යතා සපුරාලිය යුතු ය.

ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය අර්බුදය විසඳීම සඳහා පහත සඳහන් පියවර වහාම ගන්නා ලෙස අප රජයෙන් ඉල්ලා සිටින්නෙමු:
1. දීප ව්‍යාප්ත ආහාර බෙදා හැරීමේ ක්‍රමයක් සැලසුම් කර ක්‍රියාත්මක කරන්න:
මූලික අත්‍යවශ්‍ය සලාක ඇසුරුම් සියලුම නිවෙස් වෙත ළඟා වන පරිදි ආහාර බෙදා හැරීමේ ක්‍රමයක් – මූලික ආහාරවලට සහල්, තෙල්, සීනි, තේ, පරිප්පු, ත්‍රිපෝෂ ඇතුළත් විය යුතුය. දැනට පවතින සතොස, සමෘද්ධි සහ සමුපකාර හරහා වන ක්‍රම සියල්ලන්ටම ලබා ගත හැකි වන පරිදි ශක්තිමත් කළ යුතුය. බොහෝ මිනිසුන් අවිනිශ්චිත තත්ත්වයන් යටතේ ජීවත් වන බැවින් සහ දරිද්‍රතාවයට ඇද වැටෙමින් සිටින සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බැවින්, එම ආහාර බෙදා හැරීමේ ක්‍රමය පොදුවේ බෙදා හැරීමේ ක්‍රමයක් විය යුතුය. ඇතැම් ආර්ථික උපදේශකයින් විසින් නිර්දේශ කර ඇති පරිදි ‘තෝරාගත් දුප්පතුන්ට පමණක් ලැබෙන පරිදි’ ඉලක්කගත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සැබෑ තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වෙයි. දරිද්‍රතාවය ක්‍රමයෙන් ඉහළ නංවන අර්බුදයක් මධ්‍යයේ පිරිසක් ඉලක්ක කිරීමේ ක්‍රියාමාර්ග මගින් මිනිසුන්ට සහන සැලසීම ප්‍රමාද කරන අතර ඔවුන්ට තවදුරටත් ඉන් හානියක් පමණක් සිදු වනු ඇත. දැනටමත් පවතින කලකිරීම් ස්වභාවය තුළ ඉලක්ක කිරීම මගින් සමාජ බෙදීම් තීව්‍ර කරන අතර ආතතීන් තවදුරටත් වැඩි කරනු ඇත.

  1. පෝෂණය සහ ආහාර පිළිබඳ ස්වෛරීත්වයට ප්‍රමුඛත්වය දෙන්න:
    භූමිතෙල් සහ ගෑස් මිල පාලනය කිරීම තුළින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම; ගොවීන්ට හදිසි ආධාර සහ සහනාධාර ලබා දීම; සහ ධීවර සහ අනෙකුත් ගොවි ප්‍රජාවන්ට සහන ලබා දීම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය. ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සඳහා මාස 24ක් දක්වා ලබා දෙන පෝෂණ මල්ල වැනි පෝෂණය සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් 2022 අයවැයෙන් ලබාදී ඇති පොරොන්දු ක්‍රියාත්මක කළ යුතුය. ජීවන වියදම ඉහළ යාමේ පීඩනය සමනය කිරීම සඳහා දෙනු ලබන සහන මල්ල, පාසල් දහවල් ආහාර වැඩසටහන සහතික කිරීම සහ ළමුන් සඳහා ගෘහ මට්ටමේ සහන ලබාදීමේ පොරොන්දු ක්‍රියාත්මක කළ යුතුය.

  2. ජනතාව කේන්ද්රකොට ගත් සමෘද්ධි ආධාර ක්‍්රමයක්, එහි මුල් දැක්ම සමග අනුකූල වන පරිදි ශක්තිමත් කරනු ලැබිය යුතුය:
    දිස්ත්‍රික්ක රැසක සමෘද්ධි සහන කප්පාදු කරමින් පවතින අතර ප්‍රජා මට්ටමේ සමෘද්ධි රැස්වීම්වලදී එය එසේ වන්නේ ඇයිද යන්නට විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කෙරේ. තවත් පවුල් බොහොමයක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇත්තේය යන යථාර්ථයට රජය විසින් විසඳුම් ලබා දිය යුතු අතර ඉහළ යන ජීවන වියදමට සරිලන පරිදි සමෘද්ධි ප්‍රතිලාභ පුළුල් කිරීම සහ සමෘද්ධි සාමාජිකයින්ගේ මාසික ගෙවීම් වැඩි කිරීම සිදු කළ යුතුය.

  3. ඖෂධ, අනෙකුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය නිෂ්පාදන සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා සුරක්ෂිත කිරීමට සහ සැපයීමට සෞඛ්‍ය අංශයට රාජ්‍ය සහාය ලැබිය යුතුය.

  4. සාගින්න, නිවාස නොමැතිකම, අගහිඟකම් සහ ගෘහස්ථ හිංසනය සඳහා විසඳුම් ලබා දීම පිණිස වන සහායක වැඩසටහන් (සහන සඳහා යොමු කිරීම්, ආධාර සහ සේවා):
    සාගින්න, නිවාස නොමැතිකම, අගහිඟකම් සහ ගෘහස්ථ හිංසනය වැනි ගැටළු විසඳීම සඳහා රජය විසින් හදිසි ආධාර යෝජනා ක්‍රම පිහිටුවිය යුතුය. වෙනස් කොට සැලකීමකින්, අගතියකින් සහ විනිශ්චයකින් තොරව මෙම සේවාවන් සැපයීමට රාජ්‍ය නිලධාරීන් යොමු කළ යුතුය. ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැඩි වීම නොවැළැක්විය හැකි බැවින්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සේවාවන් විසින් කාන්තාවන් සහ ළමුන් කේන්ද්‍ර කරගත් නවාතැන් ඇතුළු ආධාරක සේවා සහතික කළ යුතුය. ප්‍රතිචාර කාලෝචිත විය යුතු අතර අතර දිවි ගලවා ගත් තැනැත්තා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් (කිසිදු දොස් පැවරීමකින් හෝ ලැජ්ජාවට පත් කිරීමකින් හෝ ප්‍රතිහිංසනයන් දරා සිටීමකින් තොරව වින්දිතයාගේ විශ්වාසය ගොඩනැගීම සඳහා වින්දිතයාගේ අයිතිවාසිකම්, පෞද්ගලිකත්වය, ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම ආරක්ෂා කිරීම) තිබිය යුතුය.

  5. ඉහත රාජ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආදායම් සුරක්ෂිත කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම:
    සුදුසු වත්කම් බදු හඳුන්වාදීම ඇතුළු රටේ රජයේ ආදායම් අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රගතිශීලී බදුකරණය ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු. එවැනි බදු පැනවීමක් රටේ දුප්පතුන්ගේ සහ වැඩ කරන ජනතාවගේ බරට එකතු නොවිය යුතුය. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාමාර්ග සමඟ අර්බුදයට ප්‍රතිචාර දක්වන සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ආදායම යොදවන බවට රජය සහතික විය යුතුය.

  6. ජනතාවගේ මූල්‍ය සුරක්ෂිතභාවය ආරක්ෂා කරන කම්කරු හා ඉඩම් ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වය දෙන්න:
    ජනතාවගේ අවශ්‍යතා, අභිලාෂයන්, දේශගුණික අර්බුදය සඳහා විසඳුම් ලබා දෙන ඉඩම් ප්‍රතිපත්තියක අවශ්‍යතාවය සහ ජනතාව කේන්ද්‍ර කරගත් කම්කරු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ඉටු කිරීමට අනුප්‍රාප්තික රජයන් අසමත් වී ඇත. මෙම අර්බුදය අතරතුර, සූරාකෑමේ පියවරයන් කරා ගමන් කිරීමේ දැඩි ප්‍රවනතාවය සැලකිල්ලට ගෙන, පවතින කම්කරු ආරක්ෂණ සහ ඉඩම් අයිතීන් අහෝසි නොකරනු ලැබිය යුතුය.

  7. කාන්තාවන්ට සවන් දෙන්න
    මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා කාන්තාවන්ගේ උපදේශනය සහ සහභාගීත්වය අවශ්‍ය වේ. තීරණ ගැනීමේදී කාන්තාවන්ගේ අවම නියෝජනය සැලකිල්ලට ගෙන, උපදේශන ආයතන, ක්‍රියාවලි සහ ප්‍රතිචාරවලට කාන්තාවන්ගේ සෘජු මැදිහත්වීම, විශේෂයෙන් කාන්තා සේවකයින්ගේ සහ බලපෑමට ලක් වූ කාන්තාවන්ගේ නියෝජනය ඉතා වැදගත් වේ.

අවසාන වශයෙන්, අපේ දරුවන් සහ අපේ සාමූහික අනාගතය විනාශ කිරීමේ තර්ජනයක් වන නැගී එන මානුෂීය හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීමේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන සහයෝගීතාවයට එක්වන ලෙස අපි කාන්තා කණ්ඩායම්, වෘත්තීය සමිති, ගොවි සහ ධීවර සාමූහිකයන්, සමුපකාර, ආගමික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරවලට ආරාධනා කරන්නෙමු.

ප්‍රකාශය මෙතනින් බාගන්න

  1. Aalumai Women’s Group, Mullaithivu
  2. Affected Women’s Forum, Akkaraipattu
  3. Dabindu Collective, Kattunayake
  4. Centre for Women and Development, Jaffna
  5. Mannar Women’s Development Federation
  6. Muslim women’s Development Trust, Puttalam
  7. Nisha Development Group, Mulaitheevu
  8. Progressive Women’s Collective
  9. Revolutionary Existence for Human Development, Katunayake
  10. Sisterhood initiative, Colombo
  11. Stand Up Movement, Colombo
  12. Suriya Women’s Development Center, Batticaloa
  13. The Grassrooted Trust
  14. Uwa Wellassa Women Organization, Monaragala
  15. Vallamai-Movement for Social Change, Jaffna
  16. Women and Media Collective, Colombo
  17. Women’s Action Network
  18. Women’s Coalition for Disaster Management, Eastern Province
  19. Women’s Development Center Badulla
  20. Women’s Resource Centre, Kurunegala
  21. Women’s Education and Research Center, Colombo

Individual Names

  1. A Mathura
  2. Amali Wedagedara
  3. Anuratha Rajaretnam
  4. Arany Shanthiramohan
  5. Dinesha Samararatne
  6. Ermiza Tegal
  7. Hasanah Cegu Isadeen
  8. Hyshyama Hamin
  9. Iromi Perera
  10. Jansila Majeed
  11. J. Jana
  12. Jayanthi Kuru-Uthumpala
  13. K. Hemalatha
  14. K. Sathiyaseelan
  15. K.Mahaluxmy
  16. Kamala Vasuki
  17. M.Nirmaladevi
  18. Ms.Juwairiya Mohideen
  19. N. Arththigan
  20. N.M Pasmina
  21. Nabeela Iqbal
  22. Nafla
  23. Nishadi
  24. Niyanthini Kadirgamar
  25. P.Arulseei
  26. Paba Deshapriya
  27. R. Saththiya
  28. R.Kounthini
  29. Rajany Rajeshwary
  30. S. Easwary
  31. S. Mariyarosalin
  32. S.Kobika
  33. S.Niththika
  34. S.Thileepan
  35. Sarala Emmanuel
  36. Sachini Perera
  37. Shreen Abdul Saroor
  38. Subashini
  39. Subathra Yogasingham
  40. Suganya Kandeepan
  41. Thanusiya Ponnampalam
  42. Thilakaradnam Unista
  43. Thushithra
  44. V.Shamini
  45. Yathursha Ulakentheran
  46. Zainab Ibrahim
  47. Zihla