2006 මැයි. ශ්රී ලංකාවේ සාමය සහ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ස්ත්රී සංවිධානය විසින් යුද්ධය නතර කරන ලෙස බල කෙරෙන බැනර්, වෙසක් මාසය පුරා ප්රදර්ශනය කරන ලදී. එම බැනර් සඳහා යොදාගත් සියලූ පාඨ බුද්ධාගම හා සම්බන්ධ ඒවාය. බැනර් 36 ක් සකස් කරන ලද අතර ඒවා කොළඹ, අනුරාධපුරය, කටුනායක, පොළොන්නරුව හා ගාල්ල යන නගරවල, තොරණ් ආසන්නයේ, ප්රසිද්ධ පන්සල් හා ප්රධාන මංසන්ධිවල ප්රදර්ශනය කෙරිණ.