Visit by Pakistani Delegation

පාකිස්ථානයේ ග්රාමීය සහයෝගිතා වැඩසටහන් ජාලයේ 25 දෙනෙකුගෙන් යුත් ස්ත්රී කණ්ඩායමක් මෙම වසරේ නොවැම්බර් මාසයේ දී කාන්තාව හා මාධ්ය සාමූහිකයට පැමිණියහ. එහි කාර්ය මණ්ඩලය මුණ ගැසුණු ඔවුහු ශ්රී ලංකාවේ ස්ත්රී කි්රයාකාරිත්වය පිළිබඳව මිත්රශීලී සංවාදයකට හා අදහස් හුවමාරු කර ගැනීමට සහභාගි වූහ. මෙම මුණ ගැසීම සංවිධානය කරන ලද්දේ වනිතා කටයුතු අමාත්යංශයෙනි. වනිතා කටයුතු අමාත්යාංශයේ නියෝජිතයින් සමඟ පැමිණි මෙම ¥ත පිරිස ප්රතිපත්ති සැලසුම්කරුවන්, පහළ මට්ටමේ ප්රජා කණ්ඩායම් සහ පොදු මහජනතාව සමඟ වැඩ කිරීමේ දී ස්ත්රීවාදී දැක්මක ප්රතිපත්ති රාමුවක් යොදාගැනීම පිළිබඳ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට කාන්තාව හා මාධ්ය සාමූහිකය සාමාජිකයින් හමු වූහ.