WMC condemns the societal indictments of Thilini Amalka

වාරියපොළ 21 හැවිරිදි තිළිණි අමල්කාට සමාජය විසින් ගොඩනගන ලද දෝෂාරෝපණය කාන්තාව හා මාධ්‍ය සාමූහිකය හෙළාදකී. වාරියපොළ බස් නැවතුම් පොළේදි පිරිමියකුගේ ලිංගික හිංසනයට ලක්වූවායි පවසන තිළිණි ප්‍රශ්න කිරීම් සඳහා අගෝස්තු 25 වන දින වාරියපොළ පොලීසියට කැඳවා ඇත. පොලීසිය විසින් තිළිණි සිදුකළ පැමිණිල්ල සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඇයට මානසික රෝගි තත්ත්වයක් තිබේද යන්න හඳුනා ගැනීමට ඇයව පරික්ෂණයකට යොමු කොට ඇත. ඒ තුළ ඇය නැවත වතාවක් වෙනස් කොට සැලකීමට භාජනය වී ඇත. සිදුවිම නිසා සමාජයෙන් ලැබෙන ප්ර තිචාර තුළින් ලැබෙන අපකීර්තිය ගැහැනිය පිළිබඳ සමාජය තුළ ඇති වැරදි ආකල්පවලටත් වඩා වේදනාකාරී වේග

සමහර මාධ්‍යයන් දක්වන ඒකාකාරී ප්‍රතිචාරයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ කාන්තාව ලිංගික උපකරණයක්ය යන්න තහවුරු වී ඇති බවයි. මාධ්‍යයන් බොහෝවිට සමාජය තුළ යහපත් මෙන් ම හානිකර අකල්පද නිර්මානය කරයි. මාධ්‍යයන් මේ පිළිබද වගකිව යුතු සහ සැලකිලිමත් විය යුතු අතර කාන්තාවට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සමාව දෙන ආකාරයේ ආකල්ප ගොඩනැගීමෙන් හැමවිටම වැළකිය යුතුය.

කාන්තාවට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ගෙන බැලූවිට ඉවසීය යුතුය හෝ දරා ගත යුතුය යන්න සධාරණියකරණය කිරීමට කිසිදු ඉඩත් නොමැත. 2013 වසරේ කාන්තාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිති කොට මහලේකම් කොෆි අනන් ගේ පණිවිඩය.