WMC TikTok ‘‘සුරැකුම් වැඩ ගැන අලූතින් හිතමු’’

ගෙදර වැඩ බෙදාගෙන කරන – වැඩ පිඩනය අඩු කරන වෙනස්ම TikTok තරඟය

ඔබ දැනටමත් විවිධ දේවල් ගැන TikTok හුඟාක් හදලා ඇති. එහෙනම් ටිකක් වෙනස් විදියෙ TikTok එකක් කරලා අපටත් එවන්න පුළුවන්ද?

දිනපතා අපේ ගෙවල්වල කාන්තාවන් කිසිදු දීමනාවක් හෝ ගෙවීමක් නොලබා කරන සියලු ‘සුරැකුම් වැඩ’ ගැන TikTok එකක් හදලා එවන මෙන් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය හැටියට අපි ඔබට ආරාධනා කරනවා.

ගෙදර වැඩ, ළමයින්ගේ වැඩ, වැඩිහිටි තැනැත්තන් වගේම ආබාධිත තැනැත්තන් බලාගන්න එක, මේ විදිහට ගෙදරකට සහ පවුලේ අයට අවශ්‍ය සියලූ පහසුකම් ඉටුකරන වැඩවලටයි සුරැකුම් වැඩ කියන්නේ. ඒකත් අපේ කාන්තාවන් කිසිම ගෙවීමක් නොලබන වැඩ නිසා ‘ගෙවීමක් නොලබන සුරැකුම් වැඩ හැටියට’ අපි හඳුන්වනවා. අපිට නොපෙණුනට, එතරම් නොදැණුනාට මේ සැඟවුණු ශ‍්‍රමය රටේ සංවර්ධනයටත් ආර්කථිකයටත් ඉහළ දායකත්වය සපයනවා. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ලේඛනවල පවා තවමත් නිල වශයෙන් ඇතුළත් කර නැහැ. අපේ රටේ ශ‍්‍රම බලකායට ඇතුළත් නොකලත් ශ‍්‍රමයෙන් විශාල බරක් ස්ත‍්‍රීන් අදින එකයි ඇත්ත තත්ත්වය. හැබැයි අපි බොහෝ අය ඒකෙ වටිනාකම වැඩිය ගණන් ගන්නැතිව සමහර වෙලාවට අවතක්සේරුවට, අපහාසයට, එහෙමත් නැත්නම් විහිළුවකට හරි ලක්කරනවා. ඒවගේ TikTok ගණනාවක් ඕගොල්ලොත් දැකලා ඇති. සුරැකුම් වැඩ කරන පිරිමි හිටියත් ඒ අතළොස්සටත් අපේ සමාජය පිළිගැනීමකට ලක්කරන්නේ නැහැ. අපේ සංස්කෘතියට හොඳ නැහැ, එහෙමත් නැත්නම් පිරිමි ළමයින් ලවා වැඩ කරවාගන්න හොඳ නෑ, පව් සිද්ධ වෙනවා වගේ විවිධ මිත්‍යා මත අප්‍රමාණයි. මෙවැනි අදහස් සමාජටම මුදාහරින්නෙත් අපේම අයයි.

ඉතිං අද කාලේ මේ සියල්ල වෙනස් වෙලා සුරැකුම් වැඩ කරනකොට එකිනෙකාට අවංකව, ගරු කළ යුතු, සමගියෙන් වැඩ බෙදාගෙන කරන සමාජ ක‍්‍රමයක වෙනසක් අපට අවශ්‍යයි. එහෙම වෙනස් විය යුතු තැන් ගැන හිතමින් අනෙක් අයටත් හිතන්න පොළඹවන දැනෙන විදිහේ හොඳ TikTok එකක් හදලා අපේ @wmctikto එකට ටැග් කරන්න. ඒ අතරින් හොඳම TikTok හදන 20 දෙනෙකුට රු. 5000/- බැගින් මුදලින් ත්‍යාග පිරිනමන්න අපි බලාපොරොත්තු වෙනවා.

තරඟ කොන්දේසි
1. ඔබේ TikTok ගිණුමෙන් TikTok වීඩියෝ එක හදන්න. වයස සීමාවක් නැහැ. ඔබ කැමති විදිහකට තත්පර 15 ත් 30 ත් අතර තමන්ගේම TikTok නිර්මාණයක් විය යුතුයි. ඒ නිසා වෙනත් අයගේ TikTok තමන්ගේ නමින් තරඟයට බාර දෙන්න එපා. අන්තර්ගතය නිර්මාණශීලී, යථාර්ථවාදී, අධිතාත්වික හෝ සංස්කරණය කළ එකක් වුණාට කමක් නැහැ.
2. අපේ තරගයට බාරගන්න සුදුසු මට්ටමෙන් තියෙන්න ඕනෙ. තවත් කෙනෙකුට බරපතල චෝදනා, අපහාස, අසභ්‍ය, ප‍්‍රචණ්ඩත්වයට පොළඹවන වගේ අදහස් තිබෙනවානම් බාරගන්න බැරිවෙයි. සහකම්පනයෙන් යුතු, හාස්‍ය උපදවන, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ඉස්මතු කරන හෝ අලූත් අමුතුම අදහසක් එකතු කරන, සමස්ත සමාජය දැනුවත් කරන නිර්මාණයක් විය යුතුයි.
3. ඔබේ TikTok නිර්මාණය ඔබේ ගිණුමේ පළ කරන්න. ඒත් එක්කම @wmctikto එකට ටැග් කරලා ලින්ක් එකක් හැටියට අපටත් ශොයා කරන්න. ඔබේ විස්තර සමඟ ඒ ලින්ක් එක https://forms.gle/Wr5SYVTrQ2qKq1wXA ගූගල් Form එක පුරවලා තරඟයට ඇතුළත් වෙන්න.
4. 2022 දෙසැම්බර් 30 වෙනදට මේ තරඟය අවසන් වන නිසා, හොඳම තෝරාගත් TikTokශිල්පීන්ට රු. 5000/- බැගින් ත්‍යාග ලැබෙන්නට සලස්වනවා.
5. TikTok Community standards සහguidelines සහ Copy right රෙගුලාසි ඔබ දැනුවත්ව ඉන්න අය හැටියට ඒ අනුව නිර්මාණය වූ වීඩියෝවක් විය යුතුය.
6. අපණිවිඩය හොඳින් බෙදා හැරීම සඳහා ඔබට අපගේ හැෂ් ටැග භාවිතාකරන්න. #වෙනසමුලින්මනිවසින්අරඹමු #மாற்றம்வீட்டிலிருந்தேஆரம்பம் #changestartswithyouartsathome #ගැහැණුන්ටත්අත්දෙකයි #பெண்களுக்கும்இரண்டுகைகளே #womenalsohaveonlytwohands #valueunpaidcarework #mencansharecare භාවිතා කරන්න.