Women’s rights activists condemn Aluthgama violence

Photo: Colombo Gazette
Photo: Colombo Gazette

ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍ර කණ්ඩායම් ප‍්‍රදේශයේ ස්තී‍්‍රන් හා ළමුන් අතර අනාරක්ෂිතභාවය හා බිය ඇති කර තිබෙන අලූත්ගම හා බේරුවල මෑත දී ඇති වූ ප‍්‍රචණ්ඩ සිදුවීම් හෙළා දකියි. ජූනි මස 16 වන දින ශී‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සමුළුවක දී විද්වතුන්, ආගමික නායකයින් හා අයිතිවාසිකම් කි‍්‍රයාධරයින් කියා සිටියේ අන්තවාදී කණ්ඩායම් විසින් ගෙනෙන ලද එදිරිවාදීකම් විසඳනු ලැබීම ඒකාන්ත අනිවාර්යයක්ව තිබූ බව ය.

මේ රටේ පුරවැසිනියක හා සිංහල බෞද්ධාගමිකයක වශයෙන් මා හැදී වැඩුණේ අපේ බහු වාර්ගික, බහු ආගමික සමාජය පිළිගත් රටක ය. අද අපි පුවත්පත්වල හා රූපවාහිනී ප‍්‍රතිරූපනවල දකින්නේ අනෙකුත් ආගම්වලට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය උසිගැන්වීමේ වෛරී කතා උපයෝගී කර ගන්නා බෞද්ධ යයි කියා ගන්නා අන්තවාදී කණ්ඩායම් ය. ස්තී‍්‍ර අයිතිවාසිකම් පිළිබඳ කි‍්‍රයාකාරිනියන් වශයෙන් අපි ස්තී‍්‍රන්ට හා වෙනයම් අනෙකුත් පුද්ගලයන්ට එරෙහි සියලූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හෙළා දකින්නෙමු. තමන් බෞද්ධ යයි කියා ගන්නා මෙම කණ්ඩායම්වල වෛරී කතා මුළුමනින්ම පිටු දකින්නෙමු. එසේම ඔවුන්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම හෙළා දකින්නෙමු.” යි කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) විධායක අධ්‍යක්ෂිකා ආචාර්ය සේපාලි කෝට්ටගොඩ පැවසුවා ය.

නීතිවේදී හා කි‍්‍රයාධර ෂාමිල් දළුවත්ත තිස් අවුරුදු ගැටුමකින් පසු රට තවමත් ප‍්‍රකෘති තත්ත්වයට පත් වෙමින් තිබෙන අතරතුර මෙම අන්තවාදී කණ්ඩායම් විසින් අවුළුවමින් තිබෙන නොඉවසිල්ල ප‍්‍රශ්න කරන්නී ය. ඕනෑම ගැටුමක දී හෝ යුද්ධයක දී ඉතාමත්ම පීඩාවට පත් වන්නේ ස්තී‍්‍රන් හා ළමුන් ය. අප ඇති තරම් පීඩාවට පත්ව නැති ද? යුද්ධයේ කඳුළු තවමත් වියලී ගොස් නැති අතර බෝම්බවලින් ඇති කළ කැලල් තවමත් මැකී යන්නට තිබේ. එය කියන දෙය අප අනුගමනය කරන්නේ නැත්නම් ජාතික ගීයේ අර්ථයක් නැති වෙනු ඇතැයි ඇය පැවසුවා ය.

ස්තී‍්‍ර අයිතීන් පිළිබඳ කි‍්‍රයාකාරිනියන්ට අනුව ශී‍්‍ර ලංකාව වාර්ගික හා ආගමික ප‍්‍රජාවන් අතර ශක්තිමත් සබඳතාවන් යළි ගොඩ නැගීමක් කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට නීතියේ හා සාමයේ බිඳ වැටීමක් ප‍්‍රතිමානයක් බව පත්ව තිබෙන්නා වූ ද දේශය සිසාරා නිදහස සමග තරග වැදීමට ප‍්‍රචණ්ඩත්වයෙන් හා ලේ වැගිරවීමෙන් වාසි අපේක්ෂා කරනවුන්ට ඉඩ සලසා දෙමින් තිබෙන්නා වූ ද ඉතාමත්ම අන්තරාදායක අනාගතයකට මුහුණ දෙමින් සිටි යි.