2020 පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීම සහ පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා කාන්තා අයිතිවාසිකම් සංවිධාන විසින් කරනු ලබන ප‍්‍රකාශය.

20th April, 2020

අපි, රටේ විවිධවල දිස්ත‍්‍රික්කවල පිහිටා තිබෙන, දශක දෙකකට වැඩි කාලයක් දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ කටයුතුවල නිරත වී සිටින කාන්තා සංවිධාන හයක් වන්නෙමු.

ජනාධිපතිවරයා බොහෝදුරට මැයි මස අගභාගයේ දී පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමට ඉඩ ඇති බව විවිධ මාධ්‍ය වෙබ් අඩවිවල පලවන වාර්තා සහ අනුමාන පිළිබඳ ව බරපතල කණස්සල්ලෙන් යුතුව අපි සටහන් කරමු. ශ‍්‍රී ලංකාවේ කෝවිඞ් – 19 වසංගතය අපේ‍්‍රල් මස 19 වන දින වන විට ‘අවසන්‘ විය හැකි බවට සෞඛ්‍ය ආමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි විසින් කරන ලද නිවේදනය මෙම අනුමානය සත්‍යයක් ලෙස වටහා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරනු ලැබීය. මෙම නිගමනයේ පදනම සඳහා ඇමතිවරිය විසින් විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට හෝ වෛරසය සමඟ සටන් කරන සෞඛ්‍ය වෘත්තිකයන් විසින් එම නිගමනය දැනුම් දුන් බව යෝජනා කළ යුතු අතර ජුනි 2 වනදා වන විට නව පාර්ලිමේන්තුව රැුස්වීමට සිදු වන්නේ නම් අපේ‍්‍රල් මස 20 වන දින වන විට මැතිවරණ ක‍්‍රියාවළිය ආරම්භ කර තිබිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් සඳහන් කර තිබීම විශේෂත්වයකි. ජුනි 2 වනදා වන විට නව පාර්ලිමේන්තුවක් රැුස්වීමට සිදුවිය. කෝවිඞ් වසංගතයේ සන්දර්භය තුළ මෙය කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිතවම ප‍්‍රකාශ කර ඇත.

කෝවිඞ්-19 වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබියදී, පසුගිය පාර්ලිමේන්තුව මාර්තු 2 වන දින අකාලෝචිත ලෙස ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීම, පාර්ලිමේන්තුවකින් තොරව නැගී එන අර්බුදයට ප‍්‍රතිචාර දැක්වීමට ශ‍්‍රී ලංකාවට බල කෙරුනි. ජුනි 2 වනදා වන විට නව පාර්ලිමේන්තුවක් තේරී පත් නොවන්නේ නම් එමගින් ව්‍යවස්ථාමය අර්බුදයකට මුහුණ දිඹට රටට බල කරයි. මැතිවරණ කොමිෂන් සභාව සහ ගෞරවනීය වෛද්‍ය වෘත්තිකයන් යන දෙපාර්ශවයම මෙම වසංගතය මධ්‍යයේ මැතිවරණ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම අතිශයින්ම භයානක වනු ඇතැයි යන පැහැදිලි අදහසක් දක්වති.

ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යවස්ථාමය අර්බුදය වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ශේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. සිවිල් සමාජ සංවිධාන ගණනාවක් සමඟ අපි ආරම්භයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යැයි ඉල්ලා සිටි අතර මෙම ඉල්ලීමට අවනත නොවීම පිළිබඳව අපගේ දැඩි අප‍්‍රසාදය පළ කළෙමු. එතැන් සිට අප ඉල්ලා සිටියේ විසුරුවා හැරීම ඉවත් කර වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු මැතිවරණ පනත මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට ජනාධිපතිවරයාට ඉඩ ලබා දෙන බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මැතිවරණ දින නියමයක් නොමැතිව කල් දැමිය නොහැකි හා නොකළ යුතු බව අප හොඳින් දන්නා අතර, මෙම වසංගතයෙන් ජීවිතයට එල්ල වී ඇති බරපතල අනතුර මධ්‍යයේ ඒවා පැවැත්විය යුතු නොවේ. ශ‍්‍රී ලංකාව කිසිදු ආකාරයකින් මෙම අර්බුදය ජයගෙන නැත. සෞඛ්‍ය වෘත්තිකයන් අනතුරු අඟවා ඇත්තේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින අතර මෙය ද ඉතා ම අවම පරීක්ෂණවල ප‍්‍රතිඵලයක් බවයි. ශ‍්‍රී ලංකාවේ සංසන්දනාත්මක මරණ අනුපාතය සැලකිය යුතු මට්ටමක පවතින බවත්, එබැවින් අපට වසංගතයෙන් ආරක්ෂාවීමට පෙර දැඩි පරීක්ෂණ ක‍්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවත් ඔවුහු අනතුරු අඟවති.

නිදහස් හා සාධාරණ වීමට නම්, මැතිවරණයක පැවැත්විය යුත්තේ නිදහස් චලනයකට ඉඩ සලසන පරිසරයක වන අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට ජන ජීවිතය නැවත ආරම්භ කිරීමට පෙර ශ‍්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ රාශියක් ඉටු කළ යුතුය. එවැනි මැතිවරණයක් සඳහා මහජනයා අතර ස්වාධීන මැතිවරණ ව්‍යාපාරයක් සඳහා කාල සීමාවක් අවශ්‍ය වන අතර එය කඩිමුඩියේ කළ නොහැකිය. කෝවිඞ්-19 ප‍්‍රතිචාරයේ දී ශ‍්‍රී ලංකාව තවමත් එම අවස්ථාවෙහි නොමැති බව අපි තරයේ අවධාරණය කරමු.

එබැවින් නුදුරු අනාගතයේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් නොපැවැත්විය යුතු බවත්, ඒ වෙනුවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නීතියේ සීමාවන් තුළ නැවත රැුස් කළ යුතු බවත් අපි තරයේ ඉල්ලා සිටිමු. සැසිවාර අවසන් කරන ලද ව්‍යවස්ථාදායකයකයේ ක‍්‍රියාකාරී මැදිහත්වීම තුළින් මෙන්ම ක‍්‍රියාකාරී අධිකරණයක සහාය සහිතව විධායකයේ ක‍්‍රියාමාර්ග ශක්තිමත් කිරීමෙන් පමණක් කෝවිඞ්-19 අර්බුදය වඩාත් ඵලදායී ලෙස ජය ගත හැකි බව අපි විශ්වාස කරන්නමු. කෝවිඞ් -19 වසංගතයට ක‍්‍රමානුකූලව හා ඵලදායී ලෙස ප‍්‍රතිචාර දැක්වීමත් එමගින් ප‍්‍රකෘති ස්වභාවයට පැමිණීමත් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකි වන්නේ ද මෙම තීරණාත්මක හා හදිසි ක‍්‍රියාමාර්ගයක් ගන්නේ නම් පමණි.

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය
ස්ත‍්‍රී සම්පත් මධ්‍යස්ථානය, කුරුණගල
කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය, බදුල්ල
මානව සම්පත් සංවර්ධනය සඳහා විලූතු මධ්‍යස්ථානය
ගැමි කාන්තා පෙරමුණ, ගාල්ල
කාන්තා සහයෝගිතා පෙරමුණ, මහනුවර