මෙම අත්පොත සකසා ඇත්තේ අන්තර්ජාලය භාවිතා කිරීමට උනන්දුවක් දක්වන කාන්තාවන්ට ඒ සඳහා උපකාරවීම සඳහාය. විශේෂයෙන්ම මෙම ක්ෂේත්රයේ නවකයින්ට අදාළ වන පරිදි සැකසී ඇති මෙම පොත මගින් පොදුවේ, නොමිළයේ භාවිතා කළ හැකි අන්තර්ජාල අඩවි පිළිබඳ මූලික කරුණු හඳුන්වාදීමක් සිදු කෙරේ. අපගේ අභිලාෂය වන්නේ කාන්තාවගේ අදහස් උදහස් ජගත් මට්ටමන් පළකිරීමට අවස්ථාව සැලසීමත් එමගින් අන්තර්ජාලයේ ස්ත්රීපුරුෂ සමාජභාවය පිළිබඳ වඩාත් සමතුලිතවූ පරිසරයක් ගොඩනැගීමයි. මෙම මාර්ගෝපදේශය මගින් පියවරෙන් පියවර විස්තරාත්මකව සහ රූපසටහන් භාවිතා කරමින් නොමිළයේ අන්තර්ජාල පිටු හෝ බ්ලොග් ඉකදට සකසන ආකාරය, පහසුවෙන් විද්යුත් තැපෑල/ඊ මේල් මගින් ලෝකය පුරා සිටින ජනතාව සන්නිවේදනය කරන ආකාරය සහ සමාජ වෙබ් අඩවි මගින් සම්බන්ධතා ජාලයන් ගොඩනගා ගන්නා අයුරු පැහැදිලි කරනු ලබයි. මෙම කටයුතු සිදුකිරීමේදී ඔබට මෙම පොත ප්රයෝජනවත් වේ යැයි අපි විශ්වාස කරන්නෙමු. ඔබට ජය!