ස්ත්රීන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා 2006 නොවැම්බර් 28 වැනිදා කොළඹ දී කෙටි නාට්‍ය උළෙලක් හා සංගීත සංදර්ශනයක් පවත්වන ලදී. මෙම උත්සවයේ තේමාව වූයේ ‘ප්‍රචණ්ඩත්වයෙන් තොර හෙටක්’ යන්නයි. මෙම උත්සවයට ඇතුළුවීමට ගාස්තුවක් අය නොකළ අතර ස්ත්රීන්ට එරෙහි ප්රචණ්ඩත්වය නතර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවස්ථාවක් කාන්තාව හා මාධ්‍ය සාමූහිකයට ලැබිණ.