කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ඉදිරියේ එළඹෙන පළාත් පාලන ඡුන්ද විමසීමට ඉදිරිපත් වන ස්ත්‍රී අපේක්ෂිකාවන් හඳුන්වා දීම සඳහා 2011 පෙබරවාරි මාසයේ 9 වැනි දා පුවත් පත් සාකච්ඡුාවක් කොළඹ සිනමන් ග්රෑන්ඞ් හොටලයේ දී පැවැත් වූයේය. කුරුණෑගල, මොණරාගල, බදුල්ල, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පහෙන් තෝරාගන්නා ලද ස්ත්‍රී අපේක්ෂිකාවන් හඳුන්වා දීමේ සහ ඔවුන්ට ඡුන්දය දීමට පෙළඹවීමේ අරමුණෙන් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය මගින් මෙම පුවත් පත් සාකච්ඡුාව පවත්වන ලදී. මෙම පුවත්පත් සාකච්ඡුාවේ දී නාමයෝජනා පත්‍ර ලබාගැනීමේ දී තම අත්දැකීම් ප්‍රධාන ප්රවාහයේ ජනමාධ්‍යකරුවන් සමඟ බෙදාහදා ගැනීමේ අවස්ථාවක් එම අපේක්ෂිකාවන්ට ලැබිණ. රටේ තීරණ ගන්නා ක්‍රියාවලියේ දී ස්ත්රීන්ට සමාන අවස්ථාවක් ලබාගැනීම සඳහා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ඉහත දිස්ත්‍රික්ක පහේම ප්‍රධාන ප්රවාහයේ දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය නායකයින් 195 ක් සමඟ ද ජාතික මට්ටමේ නායකයින් 48 ක් සමඟ ද සාකච්ඡුා පැවැත්වීය.