සීඩෝ විකල්ප වාර්තාව සහ ස්ත්රීන්ගේ තත්ත්වය පිළිබඳ වාර්තාව ලියන ලේඛකයින්ගේ රැුස්වීමක් 2008 ඔක්තෝබර් 17 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ. 2009 පෙබරවාරි 27 වැනිදා රටේ නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණි ග්‍රාමීය ප්‍රජා නායිකාවන් නම දෙනෙකුගේ සහභාගිත්වයෙන් කේන්ද්‍රීය කණ්ඩායම් සාකච්ඡුාවක් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ.
ළමා සංවර්ධන හා කාන්තාවන් බලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ආරාධනයක් අනුව ස්ත්‍රී සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සහ අමාත්‍යාංශයේ ලේකම් අතර උපදේශන රැුස්වීමක් 2009 අපේ‍්‍රල් 01 වැනිදා අමාත්‍යාංශයේ දී පැවැත් විණ. ලේකම්වරයා අවධාරණය කළ යුතු ක්ෂේත්‍ර සහ රජයේ වාර්තාව සකස් කිරීමේ දී සාකච්ඡුා කළ යුතු සහ අවධාරණය කළ යුතු ගැටළු ගැන රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසුවේය.
ජුනි මාසය අවසන් වන විට සීඩෝ විකල්ප වාර්තාව ලියා අවසන් කොට දත්ත ඇතුළත් කිරීම සඳහා භාර දී ඇත. මේ වන විට විධායක සාරාංශය සහ හැඳින්වීම සකස් කෙරෙමින් පවතී.