ජුනි 6. රතු කුරුස කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු මරා දැමීම හා මෑතකදී සිදුවූ පැහැර ගැනීම්වලට විරෝධය දැක්වීම සඳහා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක් පවත් වන ලදී. මානුෂිකවාදී ආධාර ලබාදීමේ වැඩ කටයුතුවල යෙදෙන ප්‍රජාව සහ තවත් 200 ක් පමණ මෙම විරෝධතාවයට එක් වූහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ‘ඔබගේ දුකේ දී අපිත් ඹබට එක්වෙමු.’ ‘ජීවත්වීමේ අයිතිය රැුකගනිමු’ ‘සිවිල් ජනතාව මරා දැමීම නවතනු’ වැනි පාඨ සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් ලියන ලද පුවරු එහිදී ප්‍රදර්ශනය කරන ලදී. විරෝධතාකරුවෝ පැහැර ගැනීම්වලට සහ මිනී මැරීම්වලට සිය විරෝධය දැක්වීමට කළුපාට මුකවාඩම් පැළඳ සිටියහ.