ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චද්රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කොට ගෙන, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි. දිසානායක විසින් මෑතදි කරන ලද ප්‍රකාශය කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තදබල ලෙස හෙළා දකි. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බිමට දාලා පාගලා, නිරුවත් කරලා පාර දිගේ දුවන්න සලස්වන්න ඕනැ යැයි උසස් අධ්‍යාපන ඇමතිවරයා පවසා ඇත. මෙය කුමාරතුංග මහත්මියට පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලු ම කාන්තාවන් අරබයා සිදුකරන ලද සහසික සහ පරිභවාත්මක ප්‍රකාශයකි.
ශ්‍රී ලංකාවේ වසර 10 කට අධික කාලයක් රට පාලනය කළ පළමුවන සහ එකම කාන්තා විධායක ජනාධිපතිවරිය චන්ද්රි කා කුමාරතුංග මහත්මියයි. ඇමතිවරයා විසින් සිදුකළ එම ප්‍රකාශයට එරෙහිව වගකිවයුත්තන් යම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි කාන්තාව හා මාධ්‍ය සාමුහිකය විශ්වාස කරයි.
පසුගිය කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජිතවරුන් කිහිපදෙනෙක් ම, කාන්තාවන් අවමානයට ලක්කරමින් දිගින් දිගටම සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සිය අප්‍රසාදය පළ කර සිටියි. ඒ ආකාරයට අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනතාව ව්සින් තෝරා පත් කරගෙන ඇති සියලු ම පාර්ලිමේන්තු නියෝජිතවරුන් ගෙන් අපි ඉල්ලා සිටිමු.