පිරිමි සහ පිරිමි ළමුන් සඳහා වන මෙම පුහුණු අත්පොත, වැටුප් රහිත සුරැකුම් වැඩ හඳුනා ගැනීම, අවම කිරීම සහ ප්‍රතිව්‍යාප්ත කිරීම සඳහා කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ උද්දේශන කටයුතුවලට අනුකූලව සකස් කර ඇත. මෙමගින් දේශපාලන, සමාජීය සහ ආර්ථික ක්ෂේත්‍ර හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම සඳහා කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කැපවීම පිළිබිඹුවේ.
පවතින ස්ත්‍රී පුරුෂ සමාජ සම්මතයන් සහ භාවිතයන් මත පදනම් වූ ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ කුටුම්භය තුල වන ශ්‍රම විභජනය හරහා පවුලේ යහපැවැත්ම සඳහා සිදුකරන සියලු වගකීම් ස්ත්‍රීන් මත පටවයි. බොහෝවිට, ඉවුම් පිහුම් වැඩ, පිරිසිදු කිරීම, රෙදි සේදීම, දරුවන් ඇතිදැඩි කිරීම, වැඩිහිටියන් සහ ආබාධිත පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීම වැනි ශ්‍රමය සහ කාලය අධික ලෙස වැයවන නිවසේ සියලුම වැටුප් රහිත සුරැකුම් කටයුතු සඳහා ස්ත්‍රීන් වගකිවයුතු යැයි අපේක්ෂා කෙරේ. ස්ත්‍රීන් වැටුප් සහිත රැකියාවක නියැලී සිටියත් නැතත් මෙම වැටුප් රහිත සුරැකුම් වැඩවල ‘වගකීම්’ ඉටුකිරීමට ඔවුන්ගෙන් අපේක්ෂා කෙරේ. පිරිමි ළමයින් සහ පිරිමින් මෙම ක්‍රියාකාරකම් සිදුකිරීමට අපේක්ෂා නොකරන අතර බොහෝවිට ඔවුන් මෙම ක්‍රියාකාරකම් භාර නොගන්නා බැවින් මේවා ගැහැණු ළමයින්ගේ හෝ ස්ත්රීන්ගේ වැඩ ලෙස සැලකේ. සමාජ සම්මතයන් සහ භාවිතයන් පිරිමි ළමයින් සහ පිරිමින් මත ‘පුරුෂභාවය’ පිළිබඳ පවතින සම්මතයන්ට අනුකූලව ජීවත්වීමට අපේක්ෂා කරන අතර එමඟින් විශේෂයෙන් ස්ත්රීන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදුකරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට හේතු විය හැකිය.
අර්ථවත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා නිවස තුළ ලිංගික හා ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ ශ්‍රම විභජනය අවබෝධ කර ගැනීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රාමුවක් මෙම පුහුණු අත්පොත සපයයි.
සමාජ අපකීර්තියකින් තොරව එදිනෙදා සුරැකුම් කටයුතුවලදී පිරිමි ළමයින් සහ පිරිමින් සම්බන්ධ කර ගැනීම දිරිමත් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැදගත්කම මෙම පුහුණු අත්පොත මගින් නිරූපණය කෙරේ. ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා නොසලකා, සියලුම ගෙදර දොරේ වැඩබෙදා ගත හැකිබව පෙන්වීම සඳහාත් සමාජ සබඳතාවල ඵලදායී වෙනස්කම් ඇතිකිරීම සඳහාත්පි රිමින් සහ පිරිමි ළමයින්ගේ හැකියාවන් මෙම පුහුණු අත්පොත මගින් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.