Call for submissions

ස්ත‍්‍රීපුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තුරන් කිරීම සඳහා 2015 වසරේ දින 16 යේ ක‍්‍රියාමාලාව සඳහා

නොවැම්බර් 25 – දෙසැම්බර් 1016 days banner with hashtag_sinhala

අද සිට මසකින් ඇරඹෙන, ස්ත‍්‍රීපුර්ෂ සමාජභාවය පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහිවීමේ දින 16 යේ විරෝධතා ක‍්‍රියාමලාව, ගෝලීය වශයෙන් සිදුවන සිද්ධින් අතර ප‍්‍රධාන
ස්ථානයක් ගනී. ස්ත‍්‍රී පුර්ෂ සමාජභාවය හේතුකොට ගෙන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් අතිවිශාල සංඛ්‍යාවක් ලොව පුරා සිදුවුවත්, එම සිද්ධීන් නොසලකා හැරීම තුළ ඒ හා සම්බන්ධ අපරාධකරුවන් කිසිම දඩුවමක් නොලබා නිදැල්ලේ හැසිරෙන සංස්කෘතියක, පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වීම අවධාරණය කිරීම මෙම ක‍්‍රියාමලාවේ ප‍්‍රධාන අරමුණයි.

මහ පාරේ දි, නිවසේ දි හෝ වැඩ කරන ස්ථානයේ දී කාන්තාව නිරතුරුව ම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් ට ගොදුරුවන බව සහ එවැනි බධා අවහිර තිබියදීත් කාන්තාව තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් ඇගේ ජිවිතය පවත්වා ගෙන යාමට උත්සාහ දරණ බව කවුරුත් දන්නා සත්‍යයකි. 2015 නොවැම්බර් මස ආරම්භවන, දින 16 යේ විරෝධතා ක‍්‍රියාමලාවේදි කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් යම් අකාරයකින් හඩක් නගන ලෙස අප ඔබට ඇරයුම් කරන්නේ එබැවින.

“මෙවර දින 16 යේ ක‍්‍රියාමලාවේ තේමාව කේන්ද්‍ර කොට ගන්නේ යුද්ධවාදය සහ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අතර ඇති සම්බන්ධතාවයයි. විශේෂයෙන්ම ප‍්‍රචණ්ඩකාරි ගැටුම් තුළ, සාමකාමි අවස්ථාවල සහ විවිධ අධ්‍යාපන පද්ධතීන් තුළ යුද්ධවාදය සමග අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යන අතරම බලයට ඇති අපගේ සම්බන්ධතාවය පදනම් වූ වෙනස් කොට සැලකීම සහ විෂමතාවයන් ගෙන් යුත් පිතෘ මූලික වටාපිාවක් ලෙස” (www.16dayscwgl.rutgers.edu)

ශ‍්‍රී ලංකාව ගැන සදහන් කළහොත් , මෙම දින 16 යේ ක‍්‍රියාමලාව තුළ ස්ත‍්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තුරන් කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති සංසදයේ සමාජිකයින් විසින්, දැනුවත්භාවය ඉහළ නැංවීම සදහා ක‍්‍රියාකාරකම් සිදුකරන අතර 2015 ගෝලීය තේමාව කෙරෙහි ද සැලිකිලිමත් වෙමින්, ස්ත‍්‍රී පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන රට තුළ සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ආශ‍්‍රීත ගැටලූ විසඳීම සඳහා යාන්ත‍්‍රණයක් හදුන්වා දීමද සිදු කෙරේ.

මෙම සංසදයේ සමාජිකාවක් වන කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, ශ‍්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත දින 16 විරෝධතා ක‍්‍රියාමලාව වෙනුවෙන් ඔබගේ දායකත්වය ඉල්ලා සිටී.

ස්ත‍්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීම පිළිබඳ සමාජය දැනුවත් කළ හැකි හෝ ඒ පිළිබඳ විවෘත සංවාදයක් සමාජය තුළ ඇති කළ හැකි ආකාරයේ නිර්මානශීලි නිර්මාන, ලිපි, ඡුායාරූප, රචනා, කෙටි චිත‍්‍රපට, සම්මුඛ සාකච්ඡුා, කාටූන්, වාර්තාමය චිත‍්‍රපට ඔබට ඉදිරිපත් කළ හැකි අතර, ඔබේ නිර්මාණ සිංහල, දෙමළ හෝ ඉංග‍්‍රීසි යන ඕනෑම මාධ්‍යයකින් අප වෙත එවිය හැක. ඔබේ නිර්මාණ Sri Lanka 16 day’s blog නමින් අන්තර්ජාලයේ අප විසින් ආරම්භ කොට ඇති වෙබ් පිටුවෙහි පළ කරන අතර අන්තර් ජාල සම්බන්ධතා හරහා අපගේ සංසදයේ සමාජිකයන් අතර විශාල ලෙස හුවමාරු කරගනු ලැබේ.

ඔබට වෙබ් අඩවියක් , බ්ලොග් පිටුවක්, ට්විටර් හෝ ෆේස් බුක් ගිනුමක් වේ නම් ඔබේ ලිපි, ඡුායාරූප සහ අනෙකුත් නිර්මාණයන් හෝ විඩියෝපට එහි ඇතුලත් කළ හැකි අතර එය #16days සහ #sl16days යන හැදුනුම් සංකේතය සමග ඇතුලත් කරන මෙන් ඉල්ලා සිටිමි. ඔබට එවැනි වෙබ් අඩවියක් නොවේ නම්, ඔබේ නිර්මාණ අප වෙත එවන ලෙස ඉල්ලා සිටින අතර එය ඔබ වෙනුවෙන් අප, අපගේ බ්ලොග් පිටුවෙහි පළකරනු ඇත. ඔබ කුමන ක‍්‍රමවේදයක් අනුගමනය කළත් ඔබ විසින් ඉදිරිපත් කරන නිර්මාණ wmcsrilanka@gmail.com යන විද්‍යූත් ලිපිනය ඔස්සේ “ශ‍්‍රී ලංකා දින 16 යේ ක‍්‍රියාමලාව” (Sri Lanka 16 days campaign) යන මාතෘකාව නමින් අපවෙත එවන ලෙස ඉල්ලා සිටිමු.

සෑම වසරක ම ස්ත‍්‍රී පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට එරෙහිව සිදුකරන දින 16 යේ ක‍්‍රියාමලාව නොවැම්බර් 25 වන දා ආරම්භ වන අතර, දෙසැම්බර් 10 වන දා ට යෙදෙන ස්ත‍්‍රියට එරෙහිව සිදු කරන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සහ මානව හිමිකම් දිනය සමරමින් අවසන් කෙරේ.