Roundtable discussion on Women, Peace and Security in Sri Lanka

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 හා 1820 යෝජනා පදනම් කරගෙන ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන්, සාමය සහ සුරක්ෂිතභාවය යන මැයෙන් වටමේස සාකච්ඡුාවක් සංවිධානය කෙළේය. මෙම රැුස්වීමේ දී ස්ත‍්‍රීන්ගේ ජාත්‍යන්තර විනිශ්චය කේන්ද්‍රයේ (ෂබඑැරබ්එසදබ්ක උදපැබ.ි ඔරසඉමබැ ක්‍ැබඑරු* ජ්‍යේෂ්ඨ වැඩසටහන් සහායකවරියක් තම අත්දැකීම් හුවමාරු කරගත්තාය. මෙම රැුස්වීමේ අරමුණ වූයේ ශ‍්‍රී ලංකාවේ දැනට පවතින සාමය හා සුරක්ෂිතභාවය ගැන සාකච්ඡුා කිරීම සහ යෝජනා අංක 1325 හා 1820 රාමුව තුළ වැඩ කරන්නේ කෙසේද යන්න සාකච්ඡුා කිරීමය. රාජ්‍ය නොවන සංවිධාන සහ සාමය සහ සුරක්ෂිතභාවය ගැන කටයුතු කරන ජාලයක් වන උදපැබ ඡුැ්ජැ ඊමසකාැරි ක්‍දපපමබසඑහ දෙ ඡුර්ජඑසජැ :උඡුඊක්‍දඡු* සාමුහික පියවර ගනු ලබන ආකාරයත් මෙම යෝජනාවලින් වඩාත් ඵලදායී ප‍්‍රතිඵල ලබාගන්නා ආකාරයත් බෙලෙසා මෙනෙවිය කෙටියෙන් සඳහන් කළාය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 1820 සහ 1325 මූලික කරුණු, ශක්තීන්, සීමාවන් සහ නිර්දේශ ගැන ද සාකච්ඡුා කරන ලදී.

මෙම සාකච්ඡුාවේ මූලික කාරණයක් වූයේ මෙම යෝජනා වඩාත් ඵලදායී ආකාරයට යොදා ගන්නේ කෙසේද හා එහි අඩුපාඩු මොනවාද යන්නයි. ස්ත‍්‍රී සංවිධාන 13 ක නියෝජිතයින් මෙම සාකච්ඡුාවට සහභාගි වූ අතර ඔවුන් මෙම යෝජනාවලට, විශේෂයෙන්ම යෝජනා අංක 1325 ට අදාළව එක් එක් සංවිධානයක් කරන වැඩ ගැන කෙටි විස්තර ඉදිරිපත් කෙළේය.