WMC 25th Anniversary

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 25 වසරක ක‍්‍රියාකාරිත්වය සටහන් කිරීම සඳහා ‘‘වෙනස් වන සිතුවිලි: ස්ත‍්‍රීන් සහ වෙනස් වන දැක්ම’’ යන තේමාව යටතේ ස්ත‍්‍රීන් අනෙකුත් අය ගැන සිතුම් වෙනස්කර ගන්නේ කෙසේද,  අනෙකුත් අය ස්ත‍්‍රීන් ගැන සිතුවිලි වෙනස් කරගන්නේ කෙසේද සහ ස්ත‍්‍රීන් තමන් ගැන ඇති සිතුවිලි වෙනස් කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ක‍්‍රියාකාරකම් ගණනාවක් සංවිධානය කෙරිණ. මෙහිදී ප‍්‍රධාන වූයේ ‘වෙනස්වන සිතුවිලි’ යන තේමාව යටතේ  ස්ත‍්‍රීන් ගැන ප‍්‍රදර්ශනයක් පැවැත්වීමය. එහිදී ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන්ගේ ඉතිහාසය, ස්ත‍්‍රී ඡුායාරූප ශිල්පිනියන්ගේ ඡුායාරූප හා ස්ත‍්‍රී කලාකරුවන්ගේ කෘතීන් ප‍්‍රදර්ශනය කෙරිණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සංවත්සර තේමා පදනම් කරගත් ජංගම දුරකථන කෙටි චිත‍්‍රපටි තරඟයක් හා කුසපත් ඇදීමේ තරඟයක් ද සංවිධානය කර තිබිණ. විවෘත කිරීමේ උත්සවයට අනතුරුව සංස්කෘතික සංදර්ශනයක් පැවැත් වූ අතර ඊට මඩකලපුවේ සූරියා සංස්කෘතික කණ්ඩායම, පුත්තලම සිරම්බියඩි ගමේ කාපිරි ප‍්‍රජාව සහ වෙනුරි පෙරේරාගේ නිර්මාණ ඇතුළත් විය.