South Asia Consultation for Beijing + 20

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, ආසියා සහ ශාන්තිකර කලාපයේ කාන්තාවන් ගේ ගැටළු විමර්ශනය කිරීමේ සංවිධානය (Women’s Watch) හා අග්නි දිග ආසියාවේ කාන්තාවන් ගේ ගැටළු විමර්ශනය කිරිමේ සංවිධානය හා එක්ව බේජීං + 20 දකුණු ආසියා සිවිල් සමාජ සංවිධාන හමුව ඔක්තෝබර් 16 සහ 17 යන දිනයන්හි දි පවත්වන ලදි.

බංගලා දේශය, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් වල සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් කාන්තා අයිතීන් පිළිබද විශේෂඥයින්, රාජ්‍ය නියෝජිතයන් සහ විද්වතුන්, බීජීං ප්‍රකාශය හා ක්‍රියාකාරිත්වය සඳහා වේදීකා‍‍ව සම්බන්ධව තම කලාපයට අදාළ මූලික ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදි.

සෑම රටක්ම ගැටුම්, දරිද්රකතාව, ආර්ථික අයිතින්, දේශගුණ විපර්යාස, කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා, පාරසරික අපවිත්‍රතා සහ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතීන් වැනි ක්ෂේත්‍රයන්හි තමන් මුහුණ දෙන අභියෝග පිළිබඳ අවධානය යොමු කරන ලදි. බීජීං ප්‍රකාශය හා ක්‍රියාකාරිත්වය සඳහා වේදීකා‍‍වේ අවදානම් ක්ෂේත්‍රර පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කරන අතර ඒවා යෝජිත තිරසාර සංවර්ධන අභිමථාර්ත පිළිබඳ දැනට සිදුවෙමින් පවතින සාකච්ඡා සමඟ පෙළ ගස්වන ලදි.

බීජීං ප්‍රකාශය හා ක්‍රියාකාරිත්වය සඳහා වේදීකා‍ව සම්මත කරගන්නා ලද්දේ 1995 වසරේ හතර වන ලෝක සමුළුවේදිය. මෙම ප්‍රකාශය කාන්තා අභිවෘද්ධිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගේ කැපවිම නියෝජනය කරන අතර ප්‍රදේශිය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් සියලු ම ප්‍රතිපත්ති සහ වැඩසටහන් වල ස්ත්‍රීපුර්ෂ සමාජභාවය පිළිඹිබු වන බවට සහතික කෙරේ. ලබන වසරේ නිව්යෝර්ක් හී පැවැත්විමට නියමිත කාන්තාවගේ තත්ත්වය පිළිබද කොමිසමේ 59 වෙනි සැසියේ දී බීජීං ප්‍රකාශය හා ක්‍රියාකාරිත්වය සඳහා වේදීකා‍ව ක්‍රියාත්මක කිරීමේ දී මුහුණ දෙන ගැටළු පිළිබඳව සහ ස්ත්‍රීපුර්ෂ සමජභාවිය සමානතාව ළඟා කරගැනිමට ඇති අවස්ථා පිළිබඳ විමසා බලනු ලැබේ.

බීජීං ප්‍රකාශය හා ක්‍රියාකාරිත්වය සඳහා වේදීකා‍ ව සම්මත විමෙන් වසර 20 කට පසුල එනම් 2015 වසරේ දී ඉහත කොමිසම විසින් එම ක්‍රිකාශය ක්‍රියාත්මක කිරීම තුළින් සිදුව ඇති ප්‍රගතිය මැන බැලිම සඳහා ඇගයිමක් ශ්‍රී ලංකාවේ සිදු කරනු ඇත.