Sri Lanka Consultation for Beijing+20

බීජීං + 20 දකුණු ආසියා හමුව’ සඳහා සූදානම් විමට ශ්‍රී ලංකාවේ කාන්තා සිවිල් සමාජ සංවිධාන බීජීං ප්‍රකාශය හා ක්‍රියාකාරිත්වය සඳහා වේදීකා‍වේ ශ්‍රී ලංකාවේ තත්ත්වය සාකච්ඡා කිරීම සදහා එක් රැස්වූහ.

ඔක්තෝබර් 9 වන දින කොළඹ සෙන්වෝර් ආයතනයේ දී පවත්වන ලද මෙම සාකච්ඡාව බීජීං ප්‍රකාශය හා ක්‍රියාකාරිත්වය සඳහා වේදීකා‍රවේ අවදානම් සහිත ක්ෂේත්‍ර 5ක් පිළිබඳ ඉස්මතු කර පෙන්වන ලදි.

එහිදී මතු කරන ලද අවදානම් සහිත ක්ෂේත්‍ර ලෙස ආර්ථික ක්‍රියාකාරකම් සහ දරිද්‍රතාවල ගැටුම් සහ ලිංගික සහ ප්‍රජනන සෞඛ්යද සහ අයිතිවාසිකම් සමඟ කාන්තාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වූහ. දිවයිනේ විවිධ ප්‍රදේශයන් නියොජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගී වූවන් විසින් බේජිං ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමේ වේදිකාව ශක්තිමත් කිරිම සඳහා හා ඉන් ඔබ්බට යායුතු ගමන් මඟ සඳහා ඉදිරිපත් කරන ලද නිර්දේශයන් එම සාකච්ඡාව අලලා සකස් කරන ලද වාර්තාවට ඇතුළත් කරන ලදි.

බීජීං ප්‍රකාශය හා ක්‍රියාකාරිත්වය සඳහා වේදීකා‍වේ ගෝලීය ඇගයීම සහ 2015 පශ්චාත් සංවර්ධන රාමුවේ ගෝලිය සම්මත කිරිම් 2015 සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත බැවින් මෙම හමුවේදී සාකච්ඡා කරන ලද අවදානම් ක්ෂේත්‍ර තිරසාර සංවර්ධන අභිමතාර්ථ පෙරදැරි කොට ගෙන සලකා බලන ලදි.