Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2007 සැප්තැම්බර්-දෙසැම්බර්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පළාත් පාලනය ගැන ස්ත‍්‍රීන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඔවුන්ගේ ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කිරීම හා යහ පාලනය ඇති කිරීමට ඔවුන්ගේ හැකියාව වැඩිකිරීම වැනි කරුණු අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කළේය. දිස්ත‍්‍රික්ක තුනක පළාත් පාලන ආයතන 14 ක්  නිරීක්ෂිකාවන් 25 දෙනෙකුගේ නිරීක්ෂණයට ලක් විය. නිරීක්ෂණ කණ්ඩායම් තෝරා ගන්නා ලද්දේ බදුල්ල කාන්තා සංවර්ධන කේන්ද්‍රය, මොණරාගල ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සංවිධානය හා කුරුණෑගල ස්ත‍්‍රී සම්පත් මධ්‍යස්ථානයෙනි. ඔවුහු තෝරාගත් පළාත් පාලන ආයතනවල මාසික රැුස්වීම් නිරීක්ෂණය කොට අර්ධ වාර්ෂික වාර්තා සකස් කළහ. එම දිස්ත‍්‍රික්ක තුනේ නිරීක්ෂණය කරන ලද පළාත් පාලන ආයතන වන්නේ,

 

බදුල්ල දිස්ත‍්‍රික්කය – බණ්ඩාරවෙල, හාලි ඇල, බදුල්ල සහ පස්සර ප‍්‍රාදේශීය සභා

මොණරාගල දිස්ත‍්‍රික්කය – බුත්තල, මොණරාගල, බඩල්කුඹුර සහ සියඹලාණ්ඩුව ප‍්‍රදේශීය සභා.

කුරුණෑගල දිස්ත‍්‍රික්කය – රිදීගම, ඉබ්බාගමුව, වාරියපොළ සහ කුරුණෑගල ප‍්‍රාදේශීය සභා.

 

එම කාල පරිච්ෙඡ්දය තුළ සම්පූර්ණ කරන ලද ක‍්‍රියාකාරකම් පහත දැක්වේ:

 

1* නිරීක්ෂණය. නිරීක්ෂණ කණ්ඩායම තෝරාගත් පළාත් පාලන ආයතනවල මාසික රැුස්වීමට ගොස් එහි කාර්ය පටිපාටිය නිරීක්ෂණය කළහ. ඔවුහු තම නිරීක්ෂණ මාසික රැුස්වීමේ දී හුවමාරු කරගත්හ. නිරීක්ෂණය කිරීමට තෝරාගත් මූලික තේමාවන් වූයේ සාකච්ඡුා පැවැත්වීම, ප‍්‍රශ්න විසඳීම සහ ඒ සම්බන්ධ අඩුපාඩුය.

 

2* පසුවිපරම් සහ සැලසුම් රැුස්වීම්. 2007 පෙබරවාරි සහ අගෝස්තු යන මාසවලදී නිරීක්ෂණ කණ්ඩායම් සහ එම ප‍්‍රදේශයේ ප‍්‍රජා මූලික සංවිධානවල නායකයින් සමඟ උපදේශන රැුස්වීම් පවත්වන ලදී. නිරීක්ෂණ කාල පරිච්ෙඡ්දයේ දී කරන ලද මූලික නිරීක්ෂණ වන්නේ නිරීක්ෂණය සඳහා විවිධ උපාය මාර්ග නිරීක්ෂකයින් අතර බෙදාහදා ගැනීම, ඉදිරි මාස සඳහා ඒකාබද්ධ වැඩ සැලැස්මක් සකස් කර ගැනීම.

 

3* උපදේශන. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2007 ජුනි මාසයේ දී මැතිවරණ සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සමඟ එහි අන්තර්වාර වාර්තාව ගැන, විශේෂයෙන්ම එහි ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය සඳහන් කොටස් ගැන සාකච්ඡුා කිරීමට තේරීම් කාරක සභාවේ සභාපති සමඟ සාකච්ඡුාවක් සංවිධානය කොට සම්බන්ධීකරණය කෙළේය. මැතිවරණ සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කමිටුවේ අන්තර්වාර වාර්තාව ඉදිරිපත් කළ අතර විවිධ ස්ත‍්‍රී සංවිධාන නියෝජනය කරමින් 40 කට අධික පිරිසක් ඊට සහභාගි වූහ.

 

4* උපාය මාර්ගික සැලසුම් හා හැකියාවන් වර්ධනය කිරීමේ වැඩමුළුව. දිස්ත‍්‍රික්ක තුනක පළාත් පාලන ආයතන 14 ක් නිරීක්ෂණය කිරීමට සහභාගි වුන සියලූදෙනා ඇතුළත්ව පවතින පළාත් පාලන රාමුව තුළ ස්ත‍්‍රීන්ගේ සහභාගිත්වය වැඩිදියුණු කිරීමට සමස්ත උපාය මාර්ගයක් හඳුනාගැනීම සඳහා 2007 ඔක්තෝබර් වැඩමුළුවක් පවත්වන ලදී. වැඩමුළුවේ අරමුණු වූයේ වසරක නිරීක්ෂණය තුළින් ලබාගත් මූලික තොරතුරු පෙළ ගැස්වීම හා ඉදිරි වර්ෂය සඳහා උපාය මාර්ගික සැලැස්මක් සාදා කරගැනීමය. මූලික දේශනය පළාත් පාලන ලේකම් ඞී.පී. හෙට්ටිආරච්චි මහතා විසින් ‘පළාත් පාලන මට්ටමේ දී මුහුණ දී ඇති අභියෝග ජයගැනීමේ උපාය මාර්ග’ යන මැයෙන් පවත්වන ලදී. පළාත් පාලන ආයතන මට්ටමේ දී තමන් මුහුණ දුන් අභියෝග ජයගත් ආකාරය පැහැදිලි කළ උපුලාංගනී මාලගමුව මෙනෙවිය ස්ත‍්‍රීන් මුහුණදෙන අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡුාවට ද දායක වූවාය. වාර්තා ලිවීම පිළිබඳ සැසිය ආචාර්ය සේපාලි කොට්ටේගොඩ මහත්මිය මෙහෙය වූවාය. පළාත් පාලන ආයතන නිරීක්ෂණය කිරීමේ අත්දැකීම් පදනම් කරගත් නාට්‍යක් ද ඔවුහු රඟ දැක්වූහ.