We Women campaign

2008 ජනවාරි. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ජනවාරි මාසයේ දී ‘අපි ගැහැනු’ නමින් ව්‍යාපාරයකට එකතු විය. ස්ත‍්‍රින් සහ ස්ත‍්‍රී කණ්ඩායම්වල එකතුවක් වන ‘අපි ගැහැනු’ ව්‍යාපාරය බිහි වූයේ ශ‍්‍රී ලංකාව 2008 දී 60 වැනි නිදහස් සමරුව පැවැත්වීමට සූදානම් වන අවස්ථාවේ දීය. මෙම එකතුවේ අරමුණු වන්නේ සිවිල් යුද්ධය, ආර්ථික ලිහිල්කරණය හා ගෝලීයකරණ සන්දර්භය තුළ ශ‍්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාරයේ ජයග‍්‍රහණ කෙරේ සාමූහිකව හා විවේචනාත්මකව ආවර්ජනය කිරීම, ස්ත‍්‍රීන්ට සමානාත්මතාවය සාක්ෂාත් කරගැනීමේ දී මතුවන අභියෝග, අපගේ අනාගත උපායමාර්ග ගැන නැවත සිතා බැලීම, ස්ත‍්‍රී කණ්ඩායම් අතර සහයෝගිතාවය නැවත ගොඩනැගීම සඳහා සාමූහික ක‍්‍රියාකාරකම් ඇරඹීම යනාදියයි. ශ‍්‍රී ලංකාව 60 වන නිදහස් සමරුව පවත්වන විට මෙය ව්‍යාපාරය හඳුනාගත් ආකාරයට ස්ත‍්‍රීන්ට වැදගත් වන්නේ: යුද්ධය සහ හමුදාකරණය, දේශපාලනයේ ස්ත‍්‍රී සහභාගිත්වය සහ නියෝජනය, නුපුහුණු ශ‍්‍රමය ස්ත‍්‍රීන්ට පැවරීම, ස්ත‍්‍රීන්ගේ සෞඛ්‍යය, දරිද්‍රතාවය ස්ත‍්‍රීකරණය වීම සහ ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයයි. නිදහස් දිනයේ දී (පෙබරවාරි 4* විකාශය කිරීමට සිංහල හා ඉංග‍්‍රීසි භාෂාවලින් දැන්වීම් 5 ක් සකස් කෙරිණ. මෙම දැන්වීම් ටී.එන්.එල් ගුවන් විදුලියේ එදින 35 වරක් විකාශය කෙරිණ. එදිනම ඉහත සඳහන් කළ තීරණාත්මක ක්‍ෂේත‍්‍ර පදනම් කර සකස් කරන ලද ප‍්‍රකාශයක් සිංහල (ලංකාදීප* ඉංග‍්‍රීසි (ඬේලි මිරර්* හා දෙමළ (වීරකේසරී* යන පුවත් පත්වල පළ කරන ලදී.