Winners: WMC Short Film Competition 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට තරඟයෙහි ජයග්‍රාහිකාවන් තෝරාපත් කරගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු. මෙවර තරඟය සඳහා නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් තිරපිටපත් එවා තිබුණ අතර ඔවුන් සියලු දෙනාගේ ම සහභාගිත්වය අප අගය කරමු.

2015 පෙබරවාරී මස කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය විසින් ‘කාන්තා අරගල සහ කාන්තා අභිමානය’ නමින් පැවැත්විමට නියමිත සාංවත්සරික ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙලෙදී ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග පුදානය සිදුකරනු ඇත. මෙම ප්‍රදර්ශනය පෙබරවාරි මස 11 වෙනි දින සිට 13 වන දා දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී.

2014 තරඟාවලියේ ජයග්‍රාහිකාවන්

තේමාව: ශ්‍රී ලාංකිය දේශපාලනයේ කාන්තා නියෝජනය/ තීරණ ගැනීමේ භූමිකාව තුළ කාන්තාව

කෙටි චිත්‍රපට ජයග්‍රාහිකාවන් –
1 වන ස්ථානය – ජේ. පී. කේ. ජයවීර, චිත්‍රපටයේ නම: වේගවත් ගැහැණිය
2 වන ස්ථානය – එච්. බී. කේ ලහිරු සමීර, චිත්‍රපටයේ නම: දේශපාලනය තුළ කාන්තා සහභාගිත්වය
3 වන ස්ථානය – ඒ. එම්. හර්ෂනි සඳරේඛා සහ සුගන්ධි කාන්චන පෙරේරා, චිත්රේපටයේ නම : අවංක
3 වන ස්ථානය – කල්ය්‍යාණි විදාගම, චිත්‍රපටයේ නම : බඹරුන්ට දෙඹරු

කෙටි චිත්‍රපටයේ තිරපිටපත් ජයග්‍රාහකයන්
1 වන ස්ථානය – එම් ජයසේන ආරච්චි, තිරපිටපතේ නම : ඇසුරු සැනින්
2 වන ස්ථානය – එන්. සුබාරන් තිරපිටපතේ නම
3 වන ස්ථානය – ජේ. පී. කේ. ජයවීර, තිරපිටපතේ නම : වේගවත් ගැහැනිය

තිරපිටපත් 10 ක් සඳහා වූ කුසලතා සහතික

  • දිනුෂා සමන්මලී, තිරපිටපතේ නම : නෙත්මානය
  • ආසිරි උපේක්ෂා ජයසිංහ, තිරපිටපතේ නම : දූවිලි අතරින්
  • අරුණිකා නිර්මාණි පෙරේරා, තිරපිටපතේ නම : ලක්බිමේ දියණියෝ
  • තිසුන් චන්ද්රාසිරි, තිරපිටපතේ නම : කාන්ති
  • චේතසි වන්නිනායක, තිරපිටපතේ නම : ඇය
  • එච්. එන්. විජේසිංහ, තිරපිටපතේ නම : වීර මතා
  • පී. වදිවේලන්, තිරපිටපතේ නම : කුලවිහල්
  • වනිතා සෙනතිරාජා, තිරපිටපතේ නම : නිමිර්රු
  • යසින්තා බාලචන්ද්‍රන්, තිරපිටපතේ නම : උචි මීතු වානිදින්තු
  • ෆර්ඛාන් බී. එෆතිකර්, තිරපිටපතේ නම : විල්ලු