WMC 30th Anniversary: Women’s Struggles, Women’s Pride

කාන්තාව හා මාධ්‍යය සාමූහිකයේ තිස් වසරක කි‍්‍රයාකාරිත්වය කාන්තාව හා මධ්‍යය සාමූහිකයේ තිස් වසරක කි‍්‍රයාකාරිත්වය සමරන අවස්ථාවේ දී අපි නොකී හා නොලියන ලද ඉතිහාසයේ අල්පයක් හෝ ගෙන හැර දැක්වීමේ ප‍්‍රයත්නයක් ලෙසින් බොහෝ ස්තී‍්‍රන් හා ස්තී‍්‍ර කණ්ඩායම් විසින් ගෙන ගිය සාමූහික අරගwomen struggle sinhalaලයේ ඉතිහාසය පිළිබඳව ප‍්‍රදර්ශනයක් ඉදිරිපත් කරමු. 1984, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ආරම්භයේ සිට අද දක්වා අපගේ ඉතිහාසයෙන්බිඳක් මෙමගින් විදහා දක්වනු ලබයි.

වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ ස්තී‍්‍රන්ගේ දායකත්වය ඉතිහාසයේ තීරණාත්මක වෘත්තීය සටන් අරගලවල දී ස්තී‍්‍රන් සකී‍්‍රයව සම්බන්ධවුවද, ඔවුන්ගේ හඬ නිහඬය. මෙම ප‍්‍රදර්ශනය තුළ වතු කම්කරු ස්තී‍්‍රන්, හෙද සේවයේ වෘත්තිකයන්, වෙළඳ කලාප සහ ධීවර ස්තී‍්‍රන් සිදු කළ අරගල, ලබාගත් ජයග‍්‍රහණ පිළිබඳව ප‍්‍රදර්ශනය කෙරේ. තවද, වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ කි‍්‍රයාකාරීව කටයුතු කළ නමුත් වැඩිපුර කතාබහට ලක් නොවූ කම්කරු කාන්තාවන් පිළිබඳව ද තොරතුරු ඇතුළත් ය.

ස්තී‍්‍රවාදී චිත‍්‍රපට උළෙල ජාත්‍යන්තර ස්තී‍්‍ර දිනය තේමා කරගෙන කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, චිත‍්‍රපට උළෙලක් මුලින්ම පැවැත්වූයේ 2004 වසරේදී ය. ඉන්පසු සෑම වසරකම (2005 හැර සුනාමිය නිසා* මාර්තු මාසයේ පැවැත් වූ අතර, 2014 වන විට එහි 10 වන වසර අපි සම්පූර්ණ කළෙමු. මෙවැනි චිත‍්‍රපට උළෙලක් පැවැත්වීමේ අරමුණ වූයේ ස්තී‍්‍රන්ගේ ජීවන අත්දැකීම්, ඔවුන් ලැබූ ජයග‍්‍රහණ, සමාජය, පවුල, රැුකියාව හා දේශපාලනය තුළ ස්තී‍්‍රන් මුහුණදෙන අභියෝග පිළිබඳව සමාජය දැනුවත් කිරීමයි.

ඡුායාරූප ශිල්පිනියන්ගේ ඡුායාරූප ප‍්‍රදර්ශනය ‘වැඩකරන ස්ති‍්‍රය’ තේමාකර ගනිමින්, ඡුායාරූප ශිල්පිනියන්ගේ ඡුායාරූප ප‍්‍රදර්ශනයක් සංවිධානය කර ඇත. ලංකාවේ ප‍්‍රවීන සහ නවක ඡුායාරූප ශිල්පිනියන් විසින් පවුල, සමාජය හා ආර්ථිකය තුළ ස්තී‍්‍රන්ගේ භූමිකාව තම කැමරා කාචයට හසුකර ගෙන ඇති අයුරු මෙම ප‍්‍රදර්ශනයෙන් විදහා දැක්වේ.

කෙටි චිත‍්‍රපට තරඟය ස්තී‍්‍රවාදී දැක්මකින් යුතුව ලංකාවේ පළමුවෙන්ම ආරම්භ කළ කෙටි චිත‍්‍රපට තරඟය මෙයයි. සෑම වසරකම පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය ආරම්භ කරන ලද්දේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකයට 25 වසරක් පිරීම නිමිත්තෙන් 2009 වසරේදීය. ස්තී‍්‍රන් පිළිබඳව පවතින පසුගාමී මතවාදයන් අභියෝගයට ලක්කරමින් ස්තීී‍්‍රන් පිළිබඳව ධනාත්මක ප‍්‍රතිරූපයක් ඇති කෙරෙන මිනිත්තු 2කට සීමාවූ නිිර්මාණාත්මක කෙටි චිත‍්‍රපට නිපදවීමට ස්තී‍්‍ර පුරුෂ දෙපක්‍ෂයටම මේ හරහා අපි අවස්ථාව සලසා දෙන ලදී.