International Widows Day 2022

ආර්ථික අර්බුදය නිසා භාණ්ඩ හා සේවා මිල ඉතා ඉහළ යෑම හමුවේ බඩගින්නේ සිටින තැනැත්තන්ගේ ප‍්‍රමාණය දිනෙන් දින වැඩිවීම අද ප‍්‍රධාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා අපි දකින සුලබ කාරණයක් වී ඇත. 2019 වසරේ සියයට 13.1 ක් වූ දරිද්‍රතා අගය 2022 වනවිට 25.6 දක්වා වර්ධනය වන බවත් පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් මිලියන 2.5 කට අධික ජනගහනයක් දරිද්‍රතාවය කරා ඇද වැටීමේ හැකියාව ඇති බවත් ලෝක බැංකු ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ. දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය අතින් ද ලංකාව ලෝකයේ 6 වැනි සහ එය කලාපයෙන් ම දෙවැනි රට හැටියටත් ස්ථානගත කර ඇත. 2020 වසර පුරාවටම පැවති කොවිඩ් -19 වසංගත තත්ත්වය ද සැලකිය යුතු අයුරින් මෙරට ආර්ථික ගරාවැටීමට හේතු විය. එයින් ඩොලර් ලැබෙන විදේශ විනිමය මූලාශ‍්‍ර අඩපණ වෙමින් දිනෙන් දින රටේ තත්ත්වය පහළ යමින් තිබේ. මේ අතරතුර මිනිසුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල දරාගත නොහැක ආසාධාරණ ලෙස ඉහළ යන බඩු මිල – උද්දමනය ඉතාමත් කණගාටුදායක ලෙස මෙරට ජනතාව පීඩාවට පත් කරමින් තිබේ.

ශ‍්‍රී ලංකාවේ එක දිගට පැවතී රජයන් විසින් හිතාමතා කරන ලද තේරීම් මගින් අපව මෙම විපතට පත් කර ඇත. නාස්ති වී ඇත්තේ ස්ත‍්‍රීන්ගේ ශ‍්‍රමය සූරාකෑමෙන් රැස් කරගත් ධනයයි. මෙම පාඩුවට කිසිවකු වගකීම දරන්නේ ද නැත. ඒ වෙනුවට, නැවතත්, ආර්ථික අර්බුදයක බර ඉසිලීමට ස්ත‍්‍රීන්ට බල කෙරෙයි. රජය විසින් මෙතෙක් ලබා දී ඇති ප‍්‍රතිචාර, ණය තත්ත්වය විසඳීම සඳහා ණය සහ ආධාර ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල :(IMF) වෙත යොමු වීමට සීමා වී ඇත. රාජ්‍ය ව්‍යවසායයන්හි පවතින දූෂණය නැවත්වීමට සහ ප‍්‍රගතිශීලී බදු ප‍්‍රතිපත්ති හඳුන්වාදීමට අපොහොසත් වීම වැනි අර්බුදයට බලපාන දිගුකාලීන හේතු පිළිබඳව අපි බරපතල ලෙස සැලකිලිමත් වන්නෙමු. මේවාට විසඳුම් ලබා දී නොමැති අතර, නැවතත් ආර්ථික බර ජනතාව මත පැටවෙන රාජ්‍ය සේවා පෞද්ගලීකරණය කිරීමේ දැඩි උත්සාහයන් ඇතැයි අපි අනුමාන කරමු.

මෙහිදී ස්ත්‍රී මූලික පවුල්වල ස්ත‍්‍රීන්ගේ ජීවන තත්ත්වය ඊටත් හාත්පසින්ම වෙනස් වූ කටුක ඛේදවාචකයකි. ඔවුන් විසින් පවුලක් නඩත්තු කිරීම යනු තවදුරටත් සුළුපටු කාර්යයක් නොවේ. ඔවුන් මුල්‍යමය වශයෙන් ස්ථිරසාර විසඳුම් සෙවීම සඳහා මුළු රට වෙනුවෙන් නිසි වැඩ පිළිවෙලක හදිසි අවශ්‍යතාවය පැනනගී. මෙම වීඩියෝව එවැනි තනි ස්ත්‍රීන් මුහුණදෙන තත්ත්වයන් කිහිපයක් පමණී. එහෙත් අපට නොපෙනෙන තවත් පැතිකඩ බොහෝය. පසුගිය ජුනි 23 දිනට යෙදුණ ජාත්‍යන්තර වැන්දඹු දිනය (ජාත්‍යන්තර ගෘහමූලික ස්ත‍්‍රීන්ගේ දිනය ලෙස සලකමු.) පදනම් කරගෙන තැනූ මෙම වීඩියෝව සංඥා භාෂාව සහිතව ඔබට නැරඹිය හැකියි.

#EndGenderBasedViolence
#valueunpaidcarework
#humanrights are #womensrights
#Aragalaya #අරගලය #lka #SriLanka #women #widows #femaleheadedhouseholdsA video to highlight issues faced by widows on International Widows Day 2022