Canadians For Better-Lanka – Unpaid Care Work Podcast

WMC මගින් පසුගිය දිනෙක podcast නිර්මාණය කරන ආකාරය පිළිබද වැඩමුළුවක් ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රවීන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, පර්යේෂක සහ කතිකාචාර්යවරයෙකු වන ආචාර්ය චරිත දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ පැවැත්වීය. එම වැඩමුළුවට සහභාගී වූවන් අතුරින් ශ්‍රී ලංකීය ස්ත්‍රීන් සහ සුරැකුම් වැඩ පිළිබදව අසෝක ජයලත් විසින් නිෂ්පාදනය කරනු ලැබූ අපගේ මීළඟ podcasts එකට සවන් දෙන්න.

මෙම podcast එක නිර්මාණය කර අප වෙත ලැබීමට කටයුතු කළ අසෝකා ජයලත් වෙත අපගේ විශේෂ ස්තුතිය පිරිනමමු.
අසෝකා, අධ්‍යාපනයෙන් හෝ වෘත්තියෙන් කිසිදා මාධ්‍යයට සම්බන්ධයක් නොතිබුනද, ලාබාල අවධියේ පටන්ම ලිවීම, භාෂණය සහ දේශපාලනය ගැන ඉතාමත් උනන්දුවක් දැක්වූවාය. අද කැනේඩියානු පුරවැසියෙක් වුවද, ලාංකීය සමාජයේ පවත්නා සාමාජයික අර්බුද සහ දූෂිත දේශපාලනය ගැන ඇය විශේෂ අවධානයක් දක්වන්නීය. ලාංකීය සහ දකුණු ආසියාතික ස්ත්‍රීන්ට මුහුණපාන ගැටළු ගැන ඉතාමත් සංවේදී ප්‍රතිචාරයක් දක්වන අසෝකාගේ අරමුණ වන්නේ සංසන්දනාත්මකව දියුණු රටවල පුරවැසියන්, විශේෂයෙන්ම ස්ත්‍රීන් භුක්ති විඳිනා වරප්‍රසාදයන් සම්බන්ධව ලාංකීය ජනතාව දැනුවත් කර ඔවුන්ගේ සහ සමාජයේ යහපත වෙනුවෙන් නැගී සිටීමට හැකි පමණින් ඔවුන්ට ශක්තියක් වීමයි. මේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා, ඇය Canadians For Better-Lanka යූටියුබ් නාලිකාවට දායකත්වය ලබා දෙයි.