“Thousand Thoughts – දහස් අදහස්” – Unpaid Care Work Podcast

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය මගින් පසුගිය දිනෙක podcast නිර්මාණය කරන ආකාරය පිළිබද වැඩමුළුවක් ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රවීන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, පර්යේෂක සහ කතිකාචාර්යවරයෙකු වන ආචාර්ය චරිත දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ පැවැත්වීය. එම වැඩමුළුවට සහභාගී වූවන් අතුරින් ගෙවීම් නොලබන සුරැකුම් වැඩ විෂය තේමා කරගනිමින් නිෂ්පාදනය කරනු ලැබූ podcasts කිහිපයක් පළ කිරීමට අප බලාපොරොත්තු වෙමු. පළමු podcast එක නිර්මාණය කර අප වෙත ලැබීමට කටයුතු කළ එම්.ඩී.ඒ. ශෂින්ත වෙත අපගේ විශේෂ ස්තුතිය පිරිනමමු.

එම්.ඩී.ඒ. ශෂින්ත අධ්‍යාපනවේදය පිළිබඳව උසස් අධ්‍යාපනය ලබා ඇති අතර ඔහු මනෝවිද්‍යාව, උපදේශනය, චිත්‍රපට නිර්මාණය සහ නිර්මාණාත්මක ලේඛනය යන ක්ෂේත්‍රවල නියැලෙයි. ඔහු ගුරුවරයෙක් ලෙස ප්‍රජාවගේ මානසික, ශාරීරික, සමාජීය සහ චිත්තවේගීය යහපැවැත්ම නඟාසිටුවීම සඳහා බොහෝ විට ඔහුගේ නිර්මාණ වලින් උත්සහ කරයි. ඔහුගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ නිර්මාණාත්මක සහ ගුණාත්මක ක්‍රම උපයෝගී කරගනිමින් ප්‍රජාවට සේවය කිරීම සහ ඉතා ප්‍රායෝගික, නිර්මාණාත්මක වැඩමුලු සහ වැඩසටහන් තුළින් විවිධ වයස් කාණ්ඩ වල ප්‍රජාවට මානසික යහපැවැත්මෙන් පෝෂණය වෙමින් යහපත් ජීවන රටාවකට හුරු කරවා ඔවුන්ගේ මනෝ-සමාජීය දියුණුව ඈති කිරීමයි.
ඔහුගේ “Thousand Thoughts – දහස් අදහස්” Podcast චැනලය ඔස්සේ උඩුගත කල unpaid care work podcast එකට සවන් දෙන්න.