Community screening of short film: Don’t think of me as a woman

මා ස්ති‍්‍රයක් ලෙස නොසිතන්න යන කොන් කරන ලද්දියන් සම්බන්ධ මැතිවරණ කතාවක් මැයි 26 හා 27 යන දෙදින ති‍්‍රකුණාමලයේ දී හා මඩකලපුවේ දී තිරගත කෙරිණ. මෙම තිරගත කිරීම් පේ‍්‍රක්ෂක ජනයාගෙන් ධනාත්මක ප‍්‍රතිපෝෂණයක් උකහා ගත්තේ ය. චිත‍්‍ර පටයේ පෙනී සිටි ස්තී‍්‍ර අපේක්ෂිකාව වන අයිනූන් බීබි ට බොහෝ දෙනා සුබ පැතූ අතර එම මැතිවරණයේ දී තරග කළ හා නාම යෝජනා ලබා ගැනීමට අසමත් වූ අනෙකුත් ස්තී‍්‍රහු අයිනූන් විසින් ඔවුන්ව ප‍්‍රබෝධයට පත් කරන ලද බව කියා සිටියහ.
චිත‍්‍රපටය තිර ගත කරන ලද්දේ ස්තී‍්‍ර ක‍්‍රියාකාරිනියන් හා දේශපාලනයට සහභාගිවීමට දැඩි උන්නදුවක් දැක් වූ ස්තී‍්‍රන් සඳහා ය. ප‍්‍රජා මූලක සංවිධානවල ස්තී‍්‍රන්, ප‍්‍රජා නායිකාවන් හා කින්නියා ප‍්‍රාදේශීය සභාවේ, ති‍්‍රකුණාමලයේ හා මඩකලපුවේ ද පළාත් පාලන ආයතන නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විනි.

චිත‍්‍රපටය කොළඹ දී ද තිරගත කෙරිණ.

චිත‍්‍රපට සාරංශය
මා ස්ති‍්‍රයක් ලෙස නොසිතන්න යන චිත‍්‍රපටය 2011 පළාත් පාලන මැතිවරණයේ දී ති‍්‍රකුණාමලයේ, කින්නියා ප‍්‍රාදේශීය සභාවට තරග කළ 39 වියැති මුස්ලිම් ස්ති‍්‍රයක් වන අයිනූන් බීබිගේ මැතිවරණ සටන වාර්තා කරයි. චිත‍්‍රපටය අයිනූන්ගේ දේශපාලන අභිලාෂයන්ට උපහාර දක්වන අතර ඇගේ ප‍්‍රජාවේ හා දේශපාලන පක්ෂ ව්‍යුහයන් ඇතුළත ස්වාභාවික බවට පත් කර තිබෙන බල හා ආධිපත්‍ය යාන්ත‍්‍රණයන්ට ඇය අභියෝග කරන මාර්ග ගවේශනය කරයි. අද ශී‍්‍ර ලංකාවේ තේරී පත්ව ඇති 4,400 කට අධික පළාත් පාලන නියෝජිතයින්ගෙන් ස්තී‍්‍රන් වග කියන්නේ හුදෙක් 2% ක ප‍්‍රතිශතයකට වන අතර මුස්ලිම් වන්නේ ඔවුන්ගෙන් තිදෙනෙකු පමණි.


Screening in Trincomalee

Screening in Batticaloa