Category: Photos/Videos Media

People’s SAARC

2008 ජුලි 18, 19 හා 20 යන දිනවල කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී දකුණු ආසියානු ජනතා සමුළුව පවත්වන ලදී. 1993 සිටම කලාපීය සහයෝගිතාවය සඳහා වූ දකුණු ආසියානු සංගමයේ (සාර්ක්* රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සමාන්තරව දකුණු ආසියානු රටවල ජනතාවගේ සහයෝගිතාවය, සාකච්ඡුාව, උපාය මාර්ග සකසා ගැනීම සහ ක‍්‍රියාත්මක පියවර පිළිබඳව නොකඩවා සිදුවෙන ක‍්‍රියා පිළිවෙතක් පවතී. කාන්තාව හා මාධ්‍ය … Continue reading People’s SAARC

WMC Film Festival 2007

ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය සැමරීම සඳහා 2007 මාර්තු 26, 27, හා 28 යන දිනවල කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ස්ත‍්‍රී චිත‍්‍රපට උළෙල පවත්වන ලදී. තිරගත කරන ලද්දේ දීපා මේතා අධ්‍යක්‍ෂණය කරන ලද ‘අ’ර්ත්’, නයිගල් කෝල් අධ්‍යක්ෂණය කළ ‘කැලැන්ඩර් ගර්ල්ස්’,  සහ මාගරිත් වොන්ට්‍රොටා අධ්‍යක්‍ෂණය කරන ලද ‘රොසැන්ට‍්‍රාස්’ චිත‍්‍රපටයි. චිත‍්‍රපට තිරගත කිරීමෙන් පසුවම මහාචාර්ය නෙලූෆර් ද මෙල් සහ … Continue reading WMC Film Festival 2007

International Day for the Elimination of Violence Against Women 2006

ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා 2006 නොවැම්බර් 28 වැනිදා කොළඹ දී කෙටි නාට්‍ය උළෙලක් හා සංගීත සංදර්ශනයක් පවත්වන ලදී. මෙම උත්සවයේ තේමාව වූයේ ‘ප‍්‍රචණ්ඩත්වයෙන් තොර හෙටක්’ යන්නයි. මෙම උත්සවයට ඇතුළුවීමට ගාස්තුවක් අය නොකළ අතර ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය නතර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවස්ථාවක් කාන්තාව හා මාධ්‍ය සාමූහිකයට … Continue reading International Day for the Elimination of Violence Against Women 2006

“Women say No to War”

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, ශී‍්‍ර‍්‍ර ලාංකීය ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාටත්, එල්ටීටීඊයටත්, පොලිස්පතිවරයාටත්  සහ ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ පුවත්පත්වලටත් වගකීමෙන් යුතුව හැසිරෙන ලෙසත් දෙපාර්ශ්වයෙන්ම, එනම් රජයෙන් සහ එල්ටීටීඊයෙන් කෙරෙන මිනී මැරීම් නතර කරන ලෙසත් ඉල්ලා ප‍්‍රකාශයක් යවන ලදී, මෙම ලිපියට ස්ත‍්‍රීන් 118 කගේ අත්සන් ඇතුළත් විය. මෙම ප‍්‍රකාශය 2006 මැයි 21 වන දා සන්ඬේ ටයිම්ස්, … Continue reading “Women say No to War”

WMC Film Festival 2006

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා 2006 මාර්තු 20, 21 හා 22 ස්ත‍්‍රී චිත‍්‍රපටි උළෙලක් කොළඹ රුසියානු සංස්කෘතික කේන්‍ද්‍රයේදී පැවැත්විණ. ප‍්‍රදර්ශනය කරන ලද්දේ කාමෝෂ පානි (ඉන්දියාව බෙදීයෑම හා පාකිස්ථානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ මුස්ලිම් ආගමිකයෙකු හා විවාහ වූ ඉන්දියානු ෂීක් ස්ත‍්‍රියකගේ කතාවක්) 3 වන පිටුව. (3 වැනි පිටුවේ ජනමාධ්‍යවේදිනියක් හා ඇය වඩා අර්ථවත් ජනමාධ්‍යකරණයක් සහ ස්ත‍්‍රීන් ජනමාධ්‍යයට සම්බන්ධ කරගැනීමට … Continue reading WMC Film Festival 2006

Vesak Banner Campaign

2006 මැයි. ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය විසින් යුද්ධය නතර කරන ලෙස බල කෙරෙන බැනර්, වෙසක් මාසය පුරා ප‍්‍රදර්ශනය කරන ලදී. එම බැනර් සඳහා යොදාගත් සියලූ පාඨ බුද්ධාගම හා සම්බන්ධ ඒවාය. බැනර් 36 ක් සකස් කරන ලද අතර ඒවා කොළඹ, අනුරාධපුරය, කටුනායක, පොළොන්නරුව හා ගාල්ල යන නගරවල, තොරණ් ආසන්නයේ, ප‍්‍රසිද්ධ පන්සල් … Continue reading Vesak Banner Campaign

“Rala Matha Andi Roo” TV Programme

සුනාමියෙන් පීඩාවට පත් ස්ත‍්‍රීන් මුහුණදෙන ගැටළු පිළිබඳව සිංහල සහ දෙමළ රූපවාහිනී වැඩසටහන් මාලාවක් 2005 ජුලි මාසයේ දී අයි නාලිකාව සහ ටී.එන්.එල් නාලිකාව ඔස්සේ විකාශනය කෙරිණ. ස්ත‍්‍රීන් තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට සහභාගිවීම, ඉඩම් අයිතිය, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සහ ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, ජීවන මාර්ග සහ ගැටුම්, සාමය සහ සුනාමි වැනි මාතෘකා ඊට ඇතුළත් විය.