Consultation on Strategic Mapping of Women’s Peace Activism in Sri Lanka

අපේ‍්‍රල්. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාව උපාය මාර්ගික ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන්ගේ සාම ක‍්‍රියාකාරකම් සිතියම්ගත කිරීමේ සමීක්ෂණ අධ්‍යයනයක් කිරීමට භාර ගත්තේය. මෙම අධ්‍යයනය සිදුකරන ලද්දේ ඉන්ටර්නැෂනල් ඇලර්ට් ආයතනයේ සහාය ඇතිවය. එම ව්‍යාපෘතියට ඇතුළත් වූයේ ශ‍්‍රී ලංකාවේ සාම මුලපිරුම්වල නිරතව සිටින ස්ත‍්‍රී සංවිධාන සහ ස්ත‍්‍රීන් හඳුනාගැනීම, තෝරාගත් ස්ත‍්‍රීන්ගේ සංවිධාන/ජාල සහ ශ‍්‍රී ලංකාවේ සාම මුලපිරුම් සිතියම්ගත කිරීම, හෙළි වූ කරුණු වාර්තා ගත කිරීම සහ සිතියම්ගත කිරීම විග‍්‍රහ කිරීම, ශ‍්‍රී ලංකාවේ පවතින ගැටුම, සාමය සහ ආරක්ෂාව පිළිබඳ සන්දර්භයේ දී 1325 යෝජනාව යොදාගැනීම හා උපාය මාර්ගික තත්ත්වයට පත්කිරීම සඳහා අදාළ පාර්ශ්වයන්ගේ උපදේශනයක් පැවැත්වීම. සිතියම්ගත කිරීමට ශ‍්‍රී ලංකාවේ සාමය පිළිබඳ කටයුතු කරන සංවිධාන සහ ජාල 17 ක් ඇතුළත් විය.