Media Campaign for increasing women’s representation at Local Government (2010/2011)

පුවත්පත් දැන්වීම්

 

2010 සැප්තැම්බර් මාසයේ දී කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පහත සඳහන් සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි පුවත් පත්වල මාසයක කාලයක් තුළ දැන්වීම් ගණනාවක්ම පළ කරන ලදී. සන්ඬේ අයිලන්ඞ්, ඉරිදා දිවයින, වීරකේසරී, සිළුමිණ, සන්ඬේ ඔබ්සර්වර්, දිණමිණ හා වීරකේසරී පුවත් පත්වල පළ කළ දැන්වීම්වලින් අවධානය යොමු වූයේ පළාත් පාලන පනතට යෝජනා කර ඇති සංශෝධන ගැනය. 2011 ජනවාරි මාසයේ දී එළඹෙන පළාත් පාලන ඡුන්ද විමසීමේ දී ස්ත‍්‍රීන්ට ලබාදෙන නාමයෝජනා ප‍්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලා සිංහල හා දෙමළ පුවත් පත්වල තවත් දැන්වීම් පළ කෙරිණ. එම දැන්වීම් පළ කරන ලද්දේ ලංකාදීප, ඉරිදා ලංකාදීප, දිණමිණ, සිළුමිණ, දිවයින, ඉරිදා දිවයින, වීරකේසරී, ඉරිදා වීරකේසරී, තිනකරන් හා ඉරිදා තිනකරන් යන පුවත් පත්වලය.

 

පුවත් පත්වලට ලිපි සැපයීම

 

පළාත් පාලන ඡුන්ද විමසීමේ දී ස්ත‍්‍රී නියෝජනය සම්බන්ධයෙන් ලිපි ගණනාවක් විවිධ පුවත් පත්වල පළ කෙරිණ. මෙම ලිපි http://srilankawomeninpolitics.blogspot.come  යන වෙබ් අඩවියට පිවිස කියවිය හැක.

 

පුවත් පත් සමඟ සම්මුඛ සාකච්ඡුා

 

පළාත් පාලන මට්ටමේ ස්ත‍්‍රී නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් රාවය, ලංකාදීප, දිවයින, දිනමිණ සහ වීරකේසරී යන පුවත් පත් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡුා එම පුවත් පත් වල පළ කෙරිණ.

 

රූපවාහිනී සහ ගුවන් විදුලි දැන්වීම්

 

පළාත් පාලන පනතට කෙරෙන සංශෝධන ගැන අපගේ දැන්වීම් 2010 සැප්තැම්බර් මාසයේ දී අයි.ටී.එන්, ස්වර්ණවාහිනී සහ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය කෙරිණ. 2011 ජනවාරි මාසයේ දී පහත සඳහන් වැඩ සටහන්වලින් පසුව අපගේ දැන්වීම් අයි.ටී.එන් සේවයේ විකාශනය කෙරිණ. සවස 7.00 සහ සවස 9.30 සිංහල ප‍්‍රවෘත්ති විකාශනයෙන් පසුව. දොරමඬලාව (සඳුදා දිනවල ප.ව 10.00 ට) දවසේ පත්තර (පෙ.ව. 6.15 ට) සහ වාර්තා චිත‍්‍රපටිය ( බ‍්‍රහස්පතින්දා ප.ව. 10.00 ට)

 

6 – රූපවාහිනී සහ ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡුා: චූලනී කොඩිකාර 2010.09.29 දින පළාත් පාලනයේ ස්ත‍්‍රී නියෝජනය ගැන සාකච්ඡුා කිරීමට ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග‍්‍රීසි සේවයේ හෝම් සීන්නම් වැඩසටහනට සහභාගී වූවාය. 2010.10.04 දින ආචාර්ය ධම්ම දිසානායක සහ මහාචාර්ය කමලා ලියනගේ ගුවන් විදුලි සංස්ථාවේ සුභාරතී වැඩ සටහනේ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි වූහ. 2010.10.06 දින කුරුණෑගල ස්ත‍්‍රී සම්පත් මධ්‍යස්ථානයේ සුමිකා පෙරේරා ගුවන් විදුලි සංස්ථාවේ සාර සංවාද වැඩ සටහනට සහභාගි වූවාය. 2010 ඔක්තෝබර් මාසයේ දී කුමුදිනී සැමුවෙල් ප‍්‍රයිම් ටීවී හි රවුන්ඞ්ටේබල් වැඩසටහනට සහභාගි වූ අතර චූලනී කොඩිකාර යාටීවී හි සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි වූවාය.  2010 ඹක්තෝබර් මාසයේ දී පළාත් පාලන පනතට ගෙන එන සංශෝධන ගැන දැන්වීම් ගුවන් විදුලියේ විකාශනය කෙරිණ. 2011 ජනවාරි මාසයේ දී පළාත් පාලන ඡුන්ද විමසීම්වල දී ස්ත‍්‍රීන්ට වෙන් කෙරෙන නාමයෝජනා ප‍්‍රමාණය වැඩිකරන ලෙස ඉල්ලා සිටින දැන්වීම් පෙ.ව. 6.00, මධ්‍යාහ්න 12.45 ප.ව 6.00 සහ ප.ව 9.00 ප‍්‍රවෘත්ති විකාශනයට පෙර සහ පසුව පහත සඳහන් ගුවන් විදුලි නාලිකාවල විකාශනය කරන ලදී. සිංහල ස්වදේශීය සේවය (එෆ් එම් 98.3, 99.6, 102* සිංහල වෙළඳ සේවය (එෆ් එම්. 93.3, 106.9* දෙමළ ස්වදේශීය සේවය (එෆ් එම් 98.8, 101.3, 104.8, 94.2* තෙන්ඩ‍්‍රල් එෆ් එම් (එෆ් එම් 105.6, 107.9, 98.5 *

 

දැන්වීම් පුවරු

 

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය එළඹෙන පළාත් පාලන ඡුන්ද විමසීමේ දී ස්ත‍්‍රීන්ට නාමයෝජනා 30%ක් ලබාගැනීම පිළිබඳව කොළඹ 07 ටොරින්ටන් පටුමගේ දැන්වීම් පුවරුවක් ඉදි කෙළේය.

 

 

බැනර් ප‍්‍රදර්ශනය

 

කොළඹ, බදුල්ල, මොණරාගල, ගාල්ල, කුරුණෑගල සහ ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කවල එළඹෙන පළාත් පාලන ඡුන්ද විමසීමේ දී එම මැතිවරණයට ඉදිරිපත් වීමට ස්ත‍්‍රීන්ගෙන් ඉල්ලා සිටීමේ බැනර් ප‍්‍රදර්ශනය කිරීමේ ව්‍යාපාරයක් ගෙන යන ලදී. එය සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂාවන්ගෙන් සිදු කෙරිණ.

 

පෝස්ටර් ව්‍යාපාරය

 

කොළඹ, බදුල්ල, මොණරාගල, ගාල්ල, කුරුණෑගල සහ ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කවල ස්ත‍්‍රීන්ට එළඹෙන පළාත් පාලන ඡුන්ද විමසීමේ දී තරඟයට ඉදිරිපත් වීමට දිරි ගන්වන පෝස්ටර් ප‍්‍රචාරක ව්‍යාපාරයක් පවත්වන ලදී. එම පෝස්ටර් රජයේ කාර්යාල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, ග‍්‍රාම සේවක කාර්යාල හා වනිතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප‍්‍රදර්ශනය කෙරිණ.

 

තැපැල් පත් ව්‍යාපාරය

 

පළාත් පාලන පනතට යෝජිත සංශෝධන ගැන දැනුවත් කෙරෙන හා පළාත් පාලන මට්ටමේ ස්ත‍්‍රී නියෝජනය ගැන සඳහන් කෙරෙන තැපැල්පත් ඇමතිවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට යවන ලදී.