Category: Video

YA TV – Point of View

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, Women”s Campaign International හා යාටීවී එක්ව 2008 සැප්තැම්බර් මාසයේ සිට නව රූපවාහිනී සහ ගුවන්විදුලි සංවාද මාලාවක් හඳුන්වා දුන්නේය. ඉන් ස්ත‍්‍රීන්ගේ අත්දැකීම් හා ඔවුන්් සමාජයට ලබාදුන් දායකත්වය ඉස්මතු කෙළේය.

WMC Film Festival 2006

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා 2006 මාර්තු 20, 21 හා 22 ස්ත‍්‍රී චිත‍්‍රපටි උළෙලක් කොළඹ රුසියානු සංස්කෘතික කේන්‍ද්‍රයේදී පැවැත්විණ. ප‍්‍රදර්ශනය කරන ලද්දේ කාමෝෂ පානි (ඉන්දියාව බෙදීයෑම හා පාකිස්ථානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ මුස්ලිම් ආගමිකයෙකු හා විවාහ වූ ඉන්දියානු ෂීක් ස්ත‍්‍රියකගේ කතාවක්) 3 වන පිටුව. (3 වැනි පිටුවේ ජනමාධ්‍යවේදිනියක් හා ඇය වඩා අර්ථවත් ජනමාධ්‍යකරණයක් සහ ස්ත‍්‍රීන් ජනමාධ්‍යයට සම්බන්ධ කරගැනීමට … Continue reading WMC Film Festival 2006

Animated TV Advertisements

සටන් විරාමය රැුකගන්නා ලෙස ඉල්ලා සිටින තප්පර 30 සජීවනය කළ රූපවාහිනී දැන්වීම් සාම සාකච්ජා පැවැත්වෙන කාලසීමාවේ 2006 පෙබරවාරි 22 සිට 23 දක්වා භාෂා තුනෙන්ම විකාශනය කරන ලදී. මෙම දැන්වීම් සිරස ටීවී, එම්ටීවීළ ශක්ති ටීවී සහ ස්වර්ණවාහිනී යන නාලිකාවල විකාශනය කෙරිණ.

“Rala Matha Andi Roo” TV Programme

සුනාමියෙන් පීඩාවට පත් ස්ත‍්‍රීන් මුහුණදෙන ගැටළු පිළිබඳව සිංහල සහ දෙමළ රූපවාහිනී වැඩසටහන් මාලාවක් 2005 ජුලි මාසයේ දී අයි නාලිකාව සහ ටී.එන්.එල් නාලිකාව ඔස්සේ විකාශනය කෙරිණ. ස්ත‍්‍රීන් තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට සහභාගිවීම, ඉඩම් අයිතිය, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සහ ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, ජීවන මාර්ග සහ ගැටුම්, සාමය සහ සුනාමි වැනි මාතෘකා ඊට ඇතුළත් විය.