2007 වසරේ සිදුකරන ලද තරුණ කාන්තාවගේ ඝාතනය සම්බන්ධව මහධිකරණය විසින් 2014 සැප්තැම්බර් 3 වන දින එම ඝාතනය සිදුකළ මීගමු මහ රෝහලේ වෛද්යමවරයාට මරණීය දණ්ඩනය නියම කොට ඇත.
වෛද්යක වාර්තාවන්ට අනුව වෛද්යව ඉන්දික සුදර්ශන බාලගේ, නිදහස් වෙළඳ කලාපයේ සේවයේ නියුතු 23 හැවිරිදි චමිලා දිසානායක දූෂණය කොට ගෙල මිරිකා මරා, මීගමු මහ රෝහලේ ඉහළ මාලයෙන් පහළට තල්ලු කර ඇත.
මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩා ගම්මානයක ජීවත් වු චමිලා කොළඹ පැමිණ ඇත්තේ කටුනායක ඇගළුම් කම්හලක රැකියාවක් සඳහාය.
මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගපූර් එම ඝාතනය සම්බන්ධව ඝාතකයාට මරණීය දණ්ඩනය නියම කරන අතරම දුෂණය කිරීමේ චෝදනාව සම්බන්ධව රුපියල් 10000 ක දඩ මුදලක් සහ වසර 15 ක සිර දඩුවමක් නියම කොට ඇත. යම් හෙයකින් දඩ මුදල ගෙවිම පැහැර හැරිය හොත් මාස 6 කින් සිරදඩුවම දීර්ඝ වේ.
ප්‍රාදේශීය කාන්තා කණ්ඩායම්, කාන්තා මාධ්‍යස්ථානය සහ නිදහස් වෙළඳ කලාපයේ පොදු සේවකයන් ගේ සේවා සංගමය (FTZGSWU) 2007 වසරේ සිට මෙම සිද්ධීය සම්බන්ධව දැඩි අවධානයෙන් පසුවූහ.
Related articles