“Our voices need to be heard loudly”

කාන්තාවන් විසින් ඉදිරිපත් කරන නිර්දේශ රජය විසින් ක්‍රියාවේ යෙදිය යුතුය.

අදින් අවසන් වන බේජිං + 20 සිවිල් සමාජ සංවිධාන සංසදය සඳහා කාන්තා අයිතීන් වෙනුවෙන් වැඩකරන ස්ත්‍රීවාදී කාන්තා ක්‍රියාධරයෝ 400 වැඩි ප්‍රමාණයක් සහභාගි වූහ. නොවැම්බර් මස 17 වන දා සිට 20 වන දා දක්වා ස්ත්‍රී පුර්ෂ සමාජභාවිය සමානතා සහ කාන්තාව බලගැන්වීම තේමා කොට ගෙන පවත්වන බේජිං + 20 ඇගයීම: ආසියා සහ ශාන්තිකර කලාපීය සමුළුවේ දී මුණ ගැසෙන රාජ්යායන්ට ඉදිරිපත් කිරීම සඳහා පොදු එකඟත්වයෙන් සම්මත කරගන්නා ලද නිර්දේශයන් ඇතුළත්ව පිළි‍යෙල කරන ලද ලේඛනයකින් සංසදයේ කටයුතු අවසන් කරන ලදි.

රාජ්‍යයන් විසින් අදාළ තොරතුරු ලබා දීම සහ කාන්තා සංවිධාන සමඟ සිදුකරන අදහස් විමසීමේ ක්‍රියාවලිය පිළිබඳ වගවීම සහතික විමේ අවශ්‍යතාව කාන්තාවන් විසින් ඉස්මතු කර දක්වන ලදි. ඔවුන් නැවත නැවත සිහිපත් කළේ විශේෂයෙන් ම දේශපාලනය තුළ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවිම සම්බන්ධව රජ්යතයන් වගකිව යුතුය යන්නයි.

ප්‍රදේශිය වශයෙන් කාන්තාව ගේ මානව අයිතිවාසිකම් දියුණු කිරීම සඳහා ප්‍රදේශීය යාන්ත්‍රනණය හා සමිබන්ධවීමේ වැදගත් කමද කාන්තාවන් පෙන්වා දෙන ලදි.

“රාජ්‍යයන් විසින් අවසානයේ එකඟ වන වාර්තාවේ අපේ හඬ ශක්තිමත්ව පිළිඹිබු වීම ඉතාමත් ම තීරණාත්මක දෙයක්” ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වු කාන්තා ක්‍රියාධරයෝ පැවසූහ.

සංසදය තුළ කාන්තාවෝ කරන ලද ප්‍රකාශයන් සහ ඔවුන් ගේ හඬ සැබවින් ම ශක්තිමත් වුහ. කාන්තාවට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෙනස් කොට සැලකීම්ල විදේශ රැකියාවන්හී නියුතු කාන්තාවන්ල විවිධ වු ලිංගික දිශානතියන් සහ ස්ත්‍රීපුර්ෂ සමාජභාවිය අනන්‍යතාවන් ගෙන් යුත් කාන්තාවන්, එච්. අයි. ගවී ආසාදිත කාන්තාවන්, අබාධිත කාන්තාවන්, කාන්තා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන් යන ආදි කාන්තාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් සෙවිමේ අවශ්යතතාව සංසදයේ ප්‍රතිඵල ඇතුළත් ලේඛනයේහි දැඩිව අවධානය කරන ලදි.

ආර්ථිකය සහ පරිසරය හා සම්බන්ධ ප්‍රධාන කාරණා සහ සංවර්ධනය, දරිද්‍රතාව, වෙළඳාම, ශ්‍රමය සහ ඉඩම් අයිතීන් සමඟ එහි ඇති අන්තර් සම්බන්ධතාව ලේඛනයට ඇතුළත් කොට තිබුණි. එමෙන් ම ග්‍රාමිය කාන්තාව, දිළිඳු කාන්තාව, සරණාගත කාන්තාව මුහුණ දෙන විශේෂිත තත්ත්වයන්ට පිළියම් සෙවීම සඳහා යම් වැඩපිළිවෙලක් රාජ්‍යයන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දී තිබුණි. එමෙන් ම ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සහ අඩු වයස් විවාහද ඇතුළත්ව කාන්තාවට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කිරිම පිළිබඳ කරුණු කාරනා ද එම ලේඛනයේ ඇතුළත් කොට තිබුණි.

රාජ්‍යන් හමුදාමය වියදම් අඩු කිරීම, හමුදාකරණය අවසන් කිරීම, නිසරු කර්මාන්ත සහ බහුජාතික සමාගම් හී වගවීම ඉහළ නැංවිමේ අවශ්‍යමතාවද පිළිබදව ද මෙහිදී දීර්ඝ ලෙස සකාච්ඡා කරන ලදි. මීට අමතරව පුද්ගලික සහ රජය විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සහ කාන්තාවන්ගේ මානව අයිතිවාසිකම් සඳහා ගොඩනගන ලද වෙළඳ ගිවිසුම් වැනි ප්‍රදේශීය වශයෙන් මතුවි පෙනෙන ගැටළු සඳහා ද කාන්තාවෝ නිර්දේශ ඉදිරිපත් කළහ.