Category: ජාලකරණය

People’s SAARC

2008 ජුලි 18, 19 හා 20 යන දිනවල කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී දකුණු ආසියානු ජනතා සමුළුව පවත්වන ලදී. 1993 සිටම කලාපීය සහයෝගිතාවය සඳහා වූ දකුණු ආසියානු සංගමයේ (සාර්ක්* රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සමාන්තරව දකුණු ආසියානු රටවල ජනතාවගේ සහයෝගිතාවය, සාකච්ඡුාව, උපාය මාර්ග සකසා ගැනීම සහ ක‍්‍රියාත්මක පියවර පිළිබඳව නොකඩවා සිදුවෙන ක‍්‍රියා පිළිවෙතක් පවතී. කාන්තාව හා මාධ්‍ය … Continue reading People’s SAARC

Encounter group-project

2008 පෙබරවාරි, මාර්තු. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් නායකත්වය ගෙන සම්බන්ධීකරණය කළ යෝජිත අභිමුඛ කණ්ඩායම යනු ගැටුමේ විෂය මූල යථාර්ථයන් අව්‍යාජව, විශ්වාසවන්තව ගරු කටයුතු ආකාරයෙන් විෂය මූල යථාර්ථයන් ගැන ඔවුන්ගේ අදහස් හා අත්දැකීම් විමසා බැලීමට, සාකච්ඡුා කිරීමට, අභිමුඛ කිරීමට හා සමථයට පත් කිරීමට ජනතාවට අවකාශයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලකි. ක‍්‍රියාකාරකම් සැලසුම් කිරීමේ මූලික සාකච්ඡුා ඔක්තෝබර් මාසයේ … Continue reading Encounter group-project

International Women’s Day 2008

‘ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය සැමරීමට එක්සත් වූ ස්ත‍්‍රී සංවිධාන’ නමින් එකතු වූ ස්ත‍්‍රී සංවිධාන ජාලයක් ඒ වෙනුවෙන් සම්මන්ත‍්‍රණයක්, විරෝධතා පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් 2008 මාර්තු 8 වැනිදා පැවැත්වූහ. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති සම්මන්ත‍්‍රණයේ දී වර්තමාන දේශපාලන තත්වය, යුද්ධය හා ස්ත‍්‍රීන් කෙරේ එහි ඇති බලපෑම, ආර්ථික අර්බුදය හා ඉහළ යන ජීවන වියදම, ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ඉහළ යෑම සහ … Continue reading International Women’s Day 2008

We Women campaign

2008 ජනවාරි. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ජනවාරි මාසයේ දී ‘අපි ගැහැනු’ නමින් ව්‍යාපාරයකට එකතු විය. ස්ත‍්‍රින් සහ ස්ත‍්‍රී කණ්ඩායම්වල එකතුවක් වන ‘අපි ගැහැනු’ ව්‍යාපාරය බිහි වූයේ ශ‍්‍රී ලංකාව 2008 දී 60 වැනි නිදහස් සමරුව පැවැත්වීමට සූදානම් වන අවස්ථාවේ දීය. මෙම එකතුවේ අරමුණු වන්නේ සිවිල් යුද්ධය, ආර්ථික ලිහිල්කරණය හා ගෝලීයකරණ සන්දර්භය තුළ ශ‍්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාරයේ … Continue reading We Women campaign

International Peace Day 2007

2007 සැප්තැම්බර් 21 දින ජාතන්තර සාම දිනය සැමරීම සඳහා  ස්ත‍්‍රීන් විසින් නිර්මාණය කරන ලද වීදි බැනර් ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ස්ත‍්‍රී සංවිධාන මගින් සකස් කළ මෙ බැනර්වල තේමාව වූයේ සාමයයි. මෙය සංවිධානය කරන ලද්දේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි.

Annual Women’s National Convention 2006

2007 ජනවාරි 9-11, වාද්දුව, ශ‍්‍රී ලංකාව. ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා වන 2006 වාර්ෂික ජාතික සමුළුව 2007 ජනවාරි මාසයේ දී පවත්වන ලදී. මහනුවර, නුවර එළිය, මොණරාගල, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත‍්‍රික්කවලින් ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් තිස් එකක් මෙම සමුළුවට සහභාගි වූහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් සඳහා තම ප‍්‍රථම වාර්ෂික සමුළුව පවත්වන ලද්දේ 1984 දීය. … Continue reading Annual Women’s National Convention 2006