ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කලාපීය සමුළුව

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය (WMC) විසින් සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) සමග සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේදී සමානත්වය සහ යුක්තිය පිළිබඳ කලාපීය සමුළුව 2022 ඔක්තෝම්බර් මස 20 සහ 21 යන දෙදින තුළ කොළඹදී සාර්ථකව පැවැත්විණි. ගෙවීම් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම සමුළුව මෙය වේ. මෙම සමුළුව ශ්‍රී ලංකාවේ විද්වතුන්, ක්‍රියාකාරීන් සහ නීතිඥයින් මෙන්ම වෙනත් රටවලින් මෙම විෂය සම්බන්ධයෙන් කටයුතු කරන විද්වතුන් ද එක් කළේය. සහභාගී වූවන් අතර දිස්ත්‍රික් මට්ටමෙන් සම්බන්ධ වූ අප ක්‍රියාකාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ දිවයින පුරා විද්වතුන් සහභාගී වූ අතර, ඔවුන් ශ්‍රී ලංකාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ කතිකාවට දායක විය.

එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ ආචාර්ය දීප්තා චොප්රා විසින් සමාරම්භක ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ගෙවීම් නොලබන සුරැකුම් දියමන්ති රාමු න්‍යාය භාවිතා කිරීමේ වැදගත්කම සහ ගෙවීම් නොලබන වැඩ ‘R’ වර්ග 3 ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම (importance of using the Unpaid Care Diamond Framework and the operationalizing the 3 ‘R’s of unpaid care work) පිළිබදවයි. එනම් හඳුනා ගැනීම(Recognising) අඩු කිරීම(Reducing) නැවත බෙදා හැරීම(Redistributing) සහ ILO රාමුවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ අමතර ‘R’ ගැනයි. මෙය විශේෂයෙන්ම දකුණු ආසියාවේ රටවලට අදාළ වන සංවර්ධන රාමුවක් තුළ ස්ත්‍රීවාදී සංකල්පීය ගෙවීම් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ ආලෝකයක් සපයන හැඳින්වීමක් විය.

විද්වත්, ශාස්ත්‍රීය අයිතීන් ක්‍රියාකාරිනියක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමුළුවේ දෙවන දිනයේ කටයුතු ආරම්භ කරමින් ප්‍රධාන දේශනයක් සිදු කළාය. ඇය ශ්‍රී ලංකාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ හඳුනා ගැනීමේ අවශ්‍යතාවය සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ-ආර්ථික හා දේශපාලන අර්බුද තුළ ප්‍රශ්නය පිළිබඳ විවේචනාත්මක අවබෝධයක් ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳ සංක්ෂිප්ත ඉදිරිපත් කිරීමක් කළාය.

සමුළුව විශේෂිත අධ්‍යයන ක්ෂේත්‍රයක් කෙරෙහි අවධානය යොමු කරන සාකච්ජා මණ්ඩප 5ක් වටා කේන්ද්‍රගත විය. වැටුප් නොලබන සුරැකුම් වැඩ ආර්ථිකය ස්ත්‍රී පුරුෂ සමාජභාවීකරණය වැටුප් නොලබන සුරැකුම් වැඩ ආර්ථිකය ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීකරණය, වැටුප් නොලබන සුරැකුම් වැඩ මැනීම සහ අගය කරන්නේ ඇයි?, සමාජ මාධ්‍ය සහ වැටුප් නොලබන සුරැකුම් වැඩ දෙස විමසුම් ඇසින්, වැටුප් නොලබන සුරැකුම් වැඩ කෙරෙහි කොවිඞ් 19 වසංගතයේ බලපෑම සහ වැටුප් නොලබන සුරැකුම් වැඩවල අනන්‍යතා දේශපාලනය යන තේමා යටතේ ආධ්‍යයන සොයා ගැනීම් ඉදිරිපත් කෙරුණි.

WMC සහ SSA අධ්‍යයනයේ කොටස්කරුවන් වූ ස්ත්‍රීන් කිහිපදෙනෙකු ගේ ජීවිත වටා ගෙතුණු සුරැකුම් වැඩ ගැන ග්‍රහණය කරගත් ශානි ජයවර්ධන විසින් නිෂ්පාදිත “Working Hours” වාර්තා චිත්‍රපටය ද තිරගත කරන ලදී.

දින 1

දින 2